Month December 2025

අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මියගිය ගණන 700 ඉක්මවයි 

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පැවසීය.  අයහපත් කාලගුණ හේතුවෙන් සහන කණ්ඩායම්වලට පසුගිය දින කිහිපයේ එම ප්‍රදේශයට ළඟවීමට නොහැකිව තිබුණි. ඒ අනුව අදාළ කණ්ඩායම් ඊයේ (2)…

අද කාලගුණය ගැන දැනුම්දීමක්

අද (04) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර සහ සබරගමුව…

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (04) යෙදී තිබේ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. සංඝමිත්තා…

සිරිපා වන්දනා සමය ඇරඹෙයි

මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වෙයි. අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක ය. 2025 – 2026 සිරිපා වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සිරිපා මලුව වෙත වැඩම…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘතයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ. වසා දමා තිබු කඩුගන්නාව ප්‍රදේශයෙන් ඊයේ (03) පස්වරුවේ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරීය සඳහන් කළේය. ඒ අනුව උදෑසන 6ත් රාත්‍රී 9ත් අතර කාලය තුළ දී පමණක්…

ත්‍රිවිධ හමුදාවේ 28,500ක් ආපදා සහන ක්‍රියාන්විතයේ

ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසයි. ඔහු පවසන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 31,057 දෙනෙකු…

නාවක්කාඩුවේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් නොරොච්චෝල පොලිස් වසමෙන් වාර්තා වෙයි. නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ

විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන යළි සීමා කිරීමට පියවර ගෙන තිබේ. පසුගියදා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක් සිදුවූ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් මෙලෙස ගමනාගමනය යළි සීමා කර…

හෙට පෝයට අනුරාධපුරයට නොපැමිණෙන්නේ නම් වඩා හොඳයි – අටමස්ථානාධිපති නාහිමි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, හෙටට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ දී අනුරාධපුර පූජා භූමි වෙත වන්දනාමාන කටයුතු සඳහා නොපැමිණෙන්නේ නම් වඩාත් සුදුසු බවට ඉතාම කරුණාවෙන් සැදැහැවතුන් වෙත දන්වා සිටින බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි පවසනවා. ශ්‍රී ලංකා වාසීන්ට…

පවතින ව්‍යසනකාරී අවස්ථාවේ දී සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි – මෛත්‍රීපාල සිරිසේන

පවතින ව්‍යසනකාරී අවස්ථාවේ දී සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ලෝකයේ අනෙකුත් දියුණු වූ රටවල් ද ක්‍රියා කර ඇත්තේ ඒ ආකාරයෙන් බවයි පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.