Month December 2025

‘ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ තබන්නේ නැහැ’ – ජනපති

ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්…

ඇමරිකානු විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට – 09කට තුවාල

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි බ්‍රවුන් විශ්ව විද්‍යාලය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙක් රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සදහන් වේ. සැකකරු වෙඩික්කරු, වෙඩි තැබීමෙන්…

පවුල් දෙකක් අතර ඇති වූ ආරවුල දුරදිග ගොස් පොල්ලකින් පහරදී අයෙක් ඝාතනය කරයි

පමුණුගම පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පමුණුගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊයේ (13)දින සවස් කාලයේ පමුණුගම පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 38 ක් වූ…

“අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි, ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දෙන්න ” – අගමැති

අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බවත්, මේ මොහොතේ ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ තුළින් ආපදා අවස්ථාවලදී එකිනෙකා පිළිබඳ සහකම්පනය සහිත සුවපත් පාසල් පරිසරයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. අග්‍රාමාත්‍යවරිය මේ…

ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ත්‍රිකුණාමලයට

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජීවිත හා දේපල හානි සිදු වූ අතර, යුද්ධ හමුදා භට පිරිස් විසින් අවතැන් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් වලින් අනතුරුව සහන සැලසීමේ කටයුතු සමග ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් ආපදාවට ලක් වූ ප්‍රදේශවල…

ශ්‍රී ලංකාව සඳහා නම් කර ඇති ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝජිතයා, ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක් කරයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරය සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද නියෝජිත එරික් මේයර් මහතා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එරට නීති සම්පාදකයින් හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. එහි දී ඔහු පවසා ඇත්තේ ගෝලීය ප්‍රධාන නැව් මාර්ග ආශ්‍රතව ශ්‍රී…

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති අතර, සැකකරු මැලේසියාවේ සිට මෙරටට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. කටුනායක ගුවන් තොටුපොළේ…

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3000 ඉක්මවයි

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුරවැසියන් සඳහා අරමුදල් රැස් කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවූ  මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. මෙම ආධාර මුදල් පරිත්‍යාග කර ඇත්තේ ලෝකය පුරා රටවල් 40ක…

ආපදා මරණ සංඛ්‍යාව 643 ක් දක්වා ඉහළට

‘දිට්වා’ සුළි කුණාටුව සමඟ හටගත් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 643 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මේ වනවිට තවත් පුද්ගලයින් 184 ක් අතුරුදන්ව සිටින බවයි සිය දෛනික වාර්තාව නිකුත් කරමින්…