Month December 2025

මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත ‍වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා සහ හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැකිරාව ආසනයේ සංවිධායකවරයා ලෙසද කටයුතු කර ඇති ජනක් මහේන්ද්‍ර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන්…

රන්වල මන්ත්‍රීවරයාගේ අනතුර සිදුවූ අවස්ථාවේ රාජකාරී පැහැර හැරි පොලිස් නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව, සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මෙලෙස රාජකාරිය පැහැර හැරි…

වන අලියා පිලිස්සීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

සීප්පුකුලම ප්‍රදේශයේදී පිලිස්සීමෙන් මියගිය වන අලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අනුව, සැකකරුවන් තිදෙනෙක් මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම හිංසාවට ලක්වූ වන අලියා මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේදී මියගොස් සිටි අතර, අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී වකුගඩු…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (18) සහ හෙට (19) රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක්…

රුපියල් 3,200 ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, පසුගිය ඔක්තෝබර් මස 19 වැනිදා සිය යතුරුපැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තමන්ගේ රියදුරු බලපත්‍රය පොලීසිය භාරයට ගත් බවත්, නීති මඟින් ක්‍රියා නොකර…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්,…

ලංකාවේ ඉල්ලීම IMF අනිද්දා සලකා බලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඉල්ලූ මිලියන 200ක හදිසි මූල්‍ය ඉල්ලීම අනිද්දා (19) සලකා බැලීමට නියමිතයි. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනම් ණයක් ඉල්ලා තිබුණා.

සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්

සමාජ මාධ්‍යවල ප්‍රචාරයවන සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්‍රමිකතා කඩිනම් පැමිණිලි ක්‍රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්‍යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්‍යවල සාවද්‍ය පුවතක්…

ඉදිරි පැය 36 සඳහා – ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වේ. නැගෙනහිර , ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත්…