Month December 2025

කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි හෙට (22) සිට යාල්රාණි දුම්රිය මගින් දුම්රිය කටයුතු ආරම්භ කරනු ලබයි.

නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගැබිණි කාන්තාවක් වෙන්නප්පුව පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 19ක කාන්තාවක් වන අතර…

ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි. 2025 නොවැම්බර්…

ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතිනවා – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ප්‍රධාන වැව් 73 න් ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එසේම මධ්‍යම ප්‍රමාණයේ වැව් 52 කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවත්, මෙම වාන් දැමීම මඟින් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක්…

Rebuilding Sri Lanka යටතේ ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදි මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාව ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,…

ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කෙරේ

මෙරට තුල ආන්දෝලනයට තුඩුදුන් ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතයෙන් පසු මරණ දෙකක් වාර්තාවීම මෙන්ම,…

රුපියල් 25,000 ක දීමනාව ආපදාවට පත් ජනතාවගෙන් 69.56% කට බෙදා අවසන් – ජාආසසේම

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000 ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56% ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

වැඩි මිලකට සහල් අලෙවි කළ සුපිරි වෙළඳසැල් හිමිකරුවෙකුට ලක්ෂයක දඩයක්

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට ආනයනික කිරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ දී වරද පිළිගත් සුපිරි වෙළෙඳසැල් හිමිකරුවෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළා. මෙසේ දඩ මුදලක් නියම කරනු ලැබුවේ සුපිරි වෙළෙඳසැල් හිමිකරුවෙකුට ය.…

නත්තලට පොලිසිය සුදානම් : ආගමික ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

උදාවන නත්තල වෙනුවෙන් සිදු කරනු ලබන ආගමික උත්සව ඇතුලු සියලුම වැඩසටහන් සඳහා ආරක්ෂාව ලබාදීමට වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි සහකාර පොලිස් අධිකාරි මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ.වුට්ලර් පවසනවා. තවද මෙම උත්සවය සමයේදී යම් කිසි සැකකටයුතු දෙයක්, පුද්ගලයෙක් කණ්ඩායමක් සම්බන්ධයෙන් චකිතයක් ඇති වුවහොත් වහාම…