Month December 2025

ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වැළැක්වූ අනතුරු ඇඟවීම ඉවතට

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වැළැක්වීම සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන වි‍ට ගැඹුරු පීඩන අවපාතය කන්කසන්තුරයට කි.මී. 320 ක් ඊසාන දෙසින්, උතුරු අක්ෂාංශ 12.5 සහ…

අද උදෑසන 9.00 ට කැලණි ගඟේ ජල මට්ටම

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම සම්බන්ධයෙන් නවතම යාවත්කාලීන කිරීම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන 9.00 වන විට නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 8.45 ක් ලෙස තවදුරටත් ජල ධාරිතාව වැඩි වී තිබෙනවා.…

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තුව විනාඩි 30 කට කල් තබයි

පාර්ලිමේන්තුව අද (01) උදෑසන 9.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්  රැස්වුණා. රට තුළ ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 30 ක කාලයක් සඳහා කථානායකවරයා විසින් කල් තබා ඇති බවයි සඳහන් වන්නේ. ඒ…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් කටයුතු අද ක්‍රියාත්මක නොකිරීමට තීරණය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ඇතුළු ප්‍රධාන කාර්යාලවල ඇතැම් කටයුතු අද (01) ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන්…

රාජ්‍ය ආයතන සහ කාර්යාල අද සිට යළි වැඩ

ආපදාවට පත් නො වූ රාජ්‍ය ආයතන සහ කාර්යාල අද (01) සිට සුපුරුදු පරිදි විවෘත කර සේවාවන් පවත්වා ගෙන යන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවක දී එම තීරණය ගත් බවයි අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර…

අද උදෑසන 6.00 වන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම

අද (01) උදෑසන 6.00 වන විට දිවයින පුරා ප්‍රධාන ගංගාවල ජල මට්ටම සහ වර්ෂාපතන තත්ත්වය පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 6.00 වන විට කැලණි ගඟේ නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 8.40 ක්…

අද කාලගුණ නිවේදනය

ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරයට කි.මී. 300 ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3  සහ දේශාංශ 80.6 ආසන්නයේ කේන්ද්‍රගත වී, මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු…

නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා – ජනපති

අප රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමඟ එක්ව නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බවට ඒකාන්තයෙන් ම විශ්වාස කරන බවයි අද (30) ජාතිය…