Month December 2025

අද කාලගුණ නිවේදනය

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සබරගමුව සහ මධ්‍යම…

මාලිමාවට බලය හිමි කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයට පත් වෙයි

ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත් ව තිබෙනවා. ඒ අනුව, එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60 ක් හිමි වූ අතර, අයවැයට පක්ෂව ඡන්ද 57 ක් ලැබී තිබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ආපදා සහන සංශෝධිත අයවැය චක්‍රලේඛය නිකුත් කෙරේ

ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන අනුව 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට නව එකතු කිරීම් පැහැදිලි කිරීම් හා සංශෝධන ඇතුළත් කිරීමට මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව,…

දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ඩොලර් බිලියන 4.1ක් – ලෝක බැංකුව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන්  මෙරට ගොඩනැගිලි හා ඒවායේ  අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතලපහසුකම්වලට සිදුකර ඇති භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකු සමූහය විසින් අද…

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) 4.00ට නිකුත්කරන ලද එම නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිකුත් කර තිබූ නායයෑමේ රතු…

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට රැඳී සිටින කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් හමුවී…

ඇල්ල ප්‍රදේශයට මගීන් රැගෙන ගිය කුලී රථ රියදුරන්ට තර්ජනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කෙරේ

ඇල්ල සංචාරක කලාපයට පැමිණෙන PickMe, Uber කුලී රථ රියදුරන්ට තර්ජනය කිරීම සහ පහරදීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව, කුලී රථ සේවාවල රියදුරන් ඇල්ල සංචාරක කලාපයට ඇතුළු වන විට, එම ප්‍රදේශයේ කුලී රථ රියදුරන් විසින් තර්ජනය…

වැසි තත්ත්වයේ අඩුවීමක්

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ පළාතේත් අම්පාර, හම්බන්තොට සහ…

කොන්දේසි සපුරන්නේ නම් යුද්ධය අවසන් කිරීමට රුසියාව සූදානම් – පුටින්

රුසියාවේ මධ්‍ය හා දිගු කාලීන ආරක්ෂක කොන්දේසි සපුරන්නේ නම් සහයෝගීතාවයෙන් යුතුව යුක්‍රේන යුද ගැටුම අවසන් කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දෙස් – විදෙස් මාධ්‍යවේදීන් සමඟ රුසියානු ජනපතිවරයා වාර්ෂිකව පවත්වන ප්‍රවෘත්ති…

තිස්ස විහාරයේ ඉඩමේ අයිතිය ඉල්ලා කලහ කළ බවට අත්අඩංගුවට ගත් 05 දෙනාට ඇප

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය අසල පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇතුළු කණ්ඩායමක් විසින් සංවිධාන කළ විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, එම විරෝධතාවයට එරෙහිව පොලිසිය ලබාගෙන තිබූ අධිකරණ නියෝගය කඩ කරමින් අදාළ පිරිස ක්‍රියා කිරීම හේතුවෙන්. මෙහිදී නීති විරෝධී රැස්වීම,…