Month December 2025

ග්‍රාම නිලධාරීණියකට තර්ජනය කළැයි මාලිමා ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අත්අඩංගුවට

ග්‍රාම නිලධාරීණියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද (26) අලුයම මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශීය සභාව වෙනුවෙන් මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරායාය. ඉකුත් 5වනදා…

අම්බලන්ගොඩ ඝාතනය පිටුපස සිටින කාන්තාව කොටුවෙයි

අම්බලන්ගොඩ වෙළෙඳ ආයතනයක කළමනාකරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනවලදීය. විදෙස්ගතවී සැඟව සිටින කරන්දෙණිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.…

සුනාමියට වසර 21ක් – රටම මිනිත්තු 2ක් නිහඬ වෙයි

Update December 26, 2025   09:25 am සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා අද (25) පෙරවරු 9:25 සිට පෙරවරු 9:27 දක්වා ජනතාව මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක නිරත විය. 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක්…

අත්හැර දමා ගිය මෝටර් රථයක් තුළ ගිනිඅවියක් හමුවීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට

රාගම පහලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබී T-56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් ගැබ් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති…

වත්මන් රජය ස්වාධීන මාධ්‍ය මර්ධනය කරන්නට පොලිසිය උපයෝගී කරගෙන, මාධ්‍යයට තර්ජනය කරනවා – විපක්ෂ නායක

රටේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉවත් කිරීම‍‍ට හා පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන්නට නම්, මාධ්‍ය නිදහස සුරක්ෂිත වී ස්වාධීන මාධ්‍යයට තැන දිය යුතු බවත්, නමුත් වත්මන් රජය…

අම්බලන්ගොඩ වෙළෙඳ ආයතනයක කළමනාකරුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ වෙළෙඳ ආයතනයක කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. මෙම වැටලීම්වලදී…

අද කාලගුණ නිවේදනය

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

බදුල්ලේ භූමියෙන් 68%ක් නාය අවදානමක – NBRO

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 68%කට ආසන්න ප්‍රමාණයක් කුමක් හෝ නාය අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ශනී පෙරේරා පවසා සිටියේ, අයහපත් කාලගුණය පැවති කාලසීමාවේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන නායයෑම් 368ක් වාර්තා වූ…

රතු නිවේදන ඉවත් කළත් අවදානම පහව ගොස් නෑ -NBRO

නායයෑම් රතු නිවේදන ඉවත් කර තිබුණද තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි සේමසිංහ මහත්මිය සඳහන් කළේ, පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු නිවේදන ඉවත් කළද නිලධාරීන් පැමිණ අදාළ අවදානම්…

අර්ච්චුනා පොලීසියට භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබුණි. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.