Month December 2025

දෙසැම්බරයේ සංචාරක පැමිණීමේ වර්ධනයක්

රටතුළ ආපදා තත්ත්වයක් සිදුවුවද මේ මාසය තුළ සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ පසුගිය 25 වැනිදා දක්වා සංචාරකයික් 195,394ක් මෙරටට පැමිණ ඇති බවයි. එමෙන්ම, වසරේ මේ දක්වා කාලය තුළ 2,298,987 දෙනෙකු දිවයිනට පැමිණ…

වාහන අලෙවියේ අඩුවක්

ආපදා තත්ත්වයත් සමග වාහන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කොළඹ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ. ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම් ඉන්…

ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.  ඒ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදීම තුළින් මියගිය බවට සැකකෙරෙන කාන්තාවගේ සැමියා විසිනි. උණ රෝගී තත්ත්ව හේතුවෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ…

තැන තැන සිදුවූ රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5ක් මරුට

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී ඊයේ (26) අලුයම් කාලයේදී මාරක අනතුරක් සිදුවී තිබේ. අනතුරින් මාර්ගයේ පෙරලී ගොස් තිබූ ත්‍රීරෝද රථයේ…

මැලේසියානු හිටපු අගමැති නජීබ්ට තවත් වසර 15ක සිර දඬුවමක්

මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී සිටින මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් ඊයේ (26 ) තීන්දු කර තිබේ. මැලේසියාව තුළ මෙතෙක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාවට චෝදනා එල්ල…

මුහුදේ ගසාගෙන ගිය විදෙස් කත හා ඇගේ දරුවා පොලිස් විරුවන් බේරාගනී

හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේ ඊයේ (26) දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් හා ඇගේ දරුවා දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ. ඊයේ දහවල් කාලයේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි උපපොලිස් පරික්ෂක…

මෙවර නත්තල් දිනයේදී සිරකරුවන්ට පොදු සමාව අහිමි වෙයි

නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීම ඉදිරියේදී සිදුකිරීමට බලාපො⁣රොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉතිහාසයේ පළමුවරට මෙවර නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදස්කිරීමක් නෙවූ අතර, මේ සම්බන්ධයෙන් අද දෙරණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය. එහීදී බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නිදහස් කළ…

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට අත්සන් තබයි

තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීම සඳහා සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශ්වය අද (27) අත්සන් තබා තිබේ. තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍ය නතාෆොන් නාර්ක්ෆනිට් සහ කාම්බෝජය වෙනුවෙන් ටී සෙයිහා විසින් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ…

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි, ට්‍රම්ප් හමුවෙයි

යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවන් දිගටම පවතින බැවින්, මෙම සති අන්තයේ ෆ්ලොරිඩාවේදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි පවසා තිබේ. මේ ඉරිදා රැස්වීම සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ. අමෙරිකාව විසින් ඉදිරිපත් කරන…

2026 ඡන්දදායක සංගණනය පෙබරවාරි 01 වැනිදා ඇරඹෙයි

2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු 2026 පෙබරවාරි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය හෙවත් පැෆ්රල් සංවිධානය නිවේදනය කළේය. නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය පැවසුවේ, පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම…