Month November 2025

2007න් පසු උපන් අයට මාලදිවයිනේ දුම්පානය තහනම්

මාලදිවයින විසින් 2007 ජනවාරි 1 වන දින හෝ ඉන්පසුව උපත ලැබූ ඕනෑම පුද්ගලයෙකුට එරට තුළ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීම, භාවිතා කිරීම හෝ ඔවුන්ට අලෙවි කිරීම තහනම් කර තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම තහනම පසුගිය සෙනසුරාදා සිට බලාත්මක වූ බවයි.…

සංචාරක පනතේ වෙනසක්

සංචාරක කර්මාන්තය තවදුරටත් නගා සිටුවීම සඳහා සංචාරක පනත සියලු‍ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සංශෝධනයට පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යාවසායක සංගමයේ 18 වන මහා සභාවාරයට කොළඹදී එක්වෙමින්…

‘Air Japan’ ලබන වසරේ සිට නවතී

ජපන් ගුවන් සේවා සමූහයක් වන ANA (All Nippon Airways), සිය අඩු වියදම් ගුවන් සේවා සන්නාමයක් වන Air Japan හි සියලුම ගුවන් මෙහෙයුම් 2026 වසරේ මාර්තු මාසයේ සිට නවතා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආසියානු මාර්ගවල අඩු…

බොයිලේරුවක් පුපුරා තරුණයෙක් මරුට

යටියන්තොට කිර්පෝරුව වතුයායේ රබර් කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පුපුරා ගොස් තිබෙනවා. එම පිපිරීමෙන් 25 හැවිරිදි තරුණයෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව‍යි පොලිසිය සඳහන් කළේ.

අපේ රටේ ගුරුවරු පුහුණු කරන්න ඉන්දියාවේ සහාය

ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යන බවත්, නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. අග්‍රාමාත්‍යතුමිය මේ අදහස් පළ…

බටහිර දෙසින් ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇතැයි තහවුරු වෙයි

බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව පවසයි. ඒ අනුව එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ. එමෙන්ම තවදුරටත්…

අද කාලගුණය

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි අයෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙම සැකකරු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණේ  මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම්…

මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු හතරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) මෙම අනතුරු සිදුව තිබුණේ නිට්ටඹුව, තලාව, හෙට්ටිපොල සහ පුත්තලම යන පොලිස් වසම්වලදීය. කොළඹ – මහනුවර මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදික…

මුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහළ ප්‍රගතියක්

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. 2030…