Month November 2025

අද කාලගුණ නිවේදනය

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස් වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1,314ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,314 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම 1යි ග්‍රෑම් 202ක්, හෙරොයින් ග්‍රෑම් 863යි මිලිග්‍රෑම් 137ක් සහ කුෂ් ඇතුළු විෂ…

දිවුලපිටිය ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. ගම්පහ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 03ක් යොමු කිරීමට පියවර ගත් බවය.

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට දිනයේ නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවය. මේ හේතුවෙන් ප්‍රමාණවත්…

ජනාධිපති අරමුදලෙන් ඌව පළාතේ උසස් පෙළ විශිෂ්ටයින් අගයයි

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන අද (02) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.…

කෙන්යාවේ නායයෑමකින් 21ක් මරුට

කෙන්යාවේ රිෆ්ට් ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 21දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 30දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවය. එමෙන්ම නායයෑම් තත්ත්වය හේතුවෙන් එරට මාර්ග රැසක් වසා දමා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන…

පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි ?

අයවැය කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාවකට අවතීර්ණ වීමට සුදානමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහ ගතකිරීම සම්බන්ධ කමිටු වර්තාවට විරෝධය පලකරමින් එහි සේවකයින් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සුදානමින් පසුවන බව සඳහන් වේ. ප්‍රතිව්‍යුහගතකරණය කිරීම…

පොදු ප්‍රවාහන සේවා පිළිබඳ දත්ත රැස් කිරීම අරඹයි

ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, කාර්යාල සේවා සහ විශේෂ සංචාරක බස් රථ පිළිබඳ දත්ත රැස් කිරීම ඊයේ(01) සිට ආරම්භ කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මෙම සේවාවන් සඳහා ගාස්තු තීරණය කිරීම, රෙගුලාසි නිර්මාණය කිරීම සහ මාර්ගෝපදේශ සකස් කිරීම මෙහි…

වනාන්තර පද්ධතිවලට සිදුවන හානි 1995ට කියන්න

ශ්‍රි ලංකාවේ වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම්දීමට “වන සුරැකුම්” නමින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයක් හෙට (03)විවෘත කෙරෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි . අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්…

වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණයට නවක වදය හේතු බවට ඥාතීන්ගෙන් චෝදනාවක්

වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් ඔක්තෝබර් 31 වැනි දා රාත්‍රියේ හට ගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මිය ගොස් තිබුණේ අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස්. නිර්මාල් වික්‍රමදාස…