Month November 2025

දුරදිග ගිය ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ දෙපාර්ශවයක් අතර ඇතිවූ පැරණි අරවුලක් දුරදිග යාමෙන් පොල්ලකින් හිසට සිදුකළ පහර දීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවය. මියගොස් ඇත්තේ 31 හැවිරිදි වීරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි…

සපත්තු ගන්න පොලිස් නිලධාරීන්ගේ අතටම රුපියල් 7000ක්: නිල ඇඳුම් සඳහාත් දීමනාවක්

පොලිස් නිලධාරීන්ට අවශ්‍ය නිල ඇඳුම් සහ සපත්තු ලබා ගැනීම සඳහා ඊට අදාළ මුදල් පොලිස් නිලධාරීන්ටම ලබාදීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති අතර සපත්තු ජෝඩුවක් සඳහා රුපියල් 7000ක මුදලක් ලබාදීමට ද නියමිතයි. මීට අදාළ යෝජනාව මහජන ආරක්ෂක…

අමරදේව ස්මාරකයට පුෂ්පෝපහාර

හෙළයේ මහා ගාන්ධර්ව ලෙස හඳු­න්වනු ලබන පණ්ඩිත් ඩබ්­ලිව්. ඩී. අම­ර­දේව සූරීන්ගේ 9 වැනි ගුණා­නු­ස්ම­ර­ණය බත්ත­ර­මුල්ල අපේ ගම පරි­ශ්‍රයේ අම­ර­දේව අස­පු­වේදී ඊයේ (03) පැවැ­ත්විණි. එහිදී අම­ර­දේ­ව­යන්ගේ දරු­වන් සහ පවුලේ හිත­ව­තුන් සමඟ කලා­ක­රු­වන් ඇතුළු පිරි­සක් අම­ර­දේ­ව­යන්ගේ ස්මාර­ක­යට පුෂ්පෝ­ප­හාර දැක්වූයේ මෙසේය. ජායා­රූපය –…

නේපාල තානාපතිවරුන් යළි කැඳවීමේ අගමැති තීරණය උසාවියෙන් රිවස්

නේපාලයේ තානාපතිවරුන් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් යළි කැඳවීම නැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. එය අග්‍රාමාත්‍ය සුශීලා කාර්කි සහ ඇගේ අන්තර්වාර රජයට පසුබෑමක් බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ. නේපාල රජය පෙරළා දැමූ මාරාන්තික දූෂණ විරෝධී විරෝධතාවලින් පසුව, සැප්තැම්බර් මාසයේදී රටේ පළමු කාන්තා…

අල, ලූනු සහ බඩඉරිඟු ගොවීන්ගෙන් මැසිවිලි

අල, ලූනු, බඩඉරිඟු‍ ඇතුළු ඇතැම් වගාවන් සඳහා නිසි මිලක් නොමැති වීම හමුවේ දේශීය ගොවියා දැඩි පිඩාවට පත්ව සිටිනවා. රජය, සතොස හරහා රුපියල් 140ක මිලකට ලොකු ලූනු මිල දී ගැනීමට ක්‍රමවේදයක් සකස්කර ඇති නමුත් ගොවීන්ගෙන් ඊට එල්ල වන්නේ දැඩි විරෝධයක්. අවම…

‘සමපෝෂ’ පොලිස් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ගමගේ සාරංග ප්‍රදීප්’ නොහොත් ‘වැල්ලේ සාරංග’ යන අයගේ සමීපතමයෙකු වන බවයි පොලිසිය සඳහන් කරයි. අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස්…

වෙනිසියුලාවට පහරදෙන්නේ නෑ – ට්‍රම්ප්

ඇමෙරිකාව, වෙනිසියුලාව සමග යුද්ධයකට යෑම සැක සහිත බවත්, එවැන්නක් සිදු නොවනු ඇති බවත් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. විදෙස් මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේ කැරිබියන් දූපත්වල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන යාත්‍රාවලට ඇමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල…

ඉන්දීය ධීවර යාත්‍රා 4ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබුණේ ඊයේ (02) සහ අද (03) අලුයම් කාලයේ දීය. වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව්…

ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්‍යාසය යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර…

WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති…