Month November 2025

NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ. අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන…

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.

කසකස්ථානය ඊශ්‍රායලය සමඟ අබ්‍රහම් ගිවිසුමට එක්වෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

මුස්ලිම් බහුතරයක් වෙසෙන කසකස්ථානය, ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා අබ්‍රහම් ගිවිසුමට (Abraham Accords) එක්වන බව අමෙරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ කසකස්ථාන ජනාධිපති කසීම්-ජෝමාර්ට් ටොකායෙව් (Kassym-Jomart Tokayev) සමඟ පැවති දුරකථන සංවාදයකින් පසුව අමෙරිකානු ජනපති මේ…

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

‍2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව සිංහල හා දෙමළ පාසැල් වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා දිනයේ ආරම්භ…

ඊලෝන් මස්ක්ට ලොව විශාලතම වැටුප් පැකේජයට අනුමැතිය

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ඊලෝන් මස්ක්ට හිමිවන, ඉතිහාසයේ වාර්තාගත ඩොලර් ට්‍රිලියනයක් දක්වා වටිනාකමක් සහිත දැවැන්ත වැටුප් පැකේජය සඳහා ටෙස්ලා කොටස් හිමියන්ගේ අනුමැතිය හිමිවී තිබෙනවා. අමෙරිකාවේ ඔස්ටින්හි පිහිටි ටෙස්ලා කම්හලේ පැවති කොටස් හිමියන්ගේ රැස්වීමේදී ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන…

කල්මේගී‌ වැනසූ පිලිපීනයට එන අලුත්ම කරදරේ ‘ෆොං-වොං’

වයඹදිග පැසිෆික් කලාපයේ ඇති වූ ප්‍රබල සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්, පිලිපීනයට බලපෑම් එල්ල කරමින් අවම වශයෙන් පුද්ගලයන් 114 දෙනෙකුට මරු කැඳවූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී තිබෙනවා. කල්මේගී සුළිකුණාටුව සිකුරාදා දිනයේදී වියට්නාමයට ද බලපෑවා. වියට්නාමය වසරේ මෙම කාලය තුළ ගොඩබිමට…

කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ඉකුත් 2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක් ඇතුළුව 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම්…

පැය 12ක ජල කප්පාදුවක්

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද(07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, අද පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය. ඒ…

ඇමති විජිත ලෝක සංචාරක සංවිධානයේ මහා සභා රැස්වීමට යයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා රියාද්හි පැවැත්වෙන ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26වැනි මහා සභා රැස්වීමට සහභාගී වීමට නියමිතය. ඒ අනුව අමාත්‍ය විජිත හේරත් මහතා නොවැම්බර් 08වැනිදා සිටි 11 වැනිදා දක්වා සෞදි අරාබියේ රියාද් අගනුවර නිල…

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරන නිලවරණය අද

දළදා වහන්සේගේ පැවිදි පාර්ශ්වයේ භාරකරුවන් වන්නේ අතිපූජ්‍ය මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහනායක හිමිවරු දෙනමය. ගිහි භාරකරුවා ලෙස පත්වන දියවඩන නිලමේ සමස්ත බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික රජු හෙවත් බෞද්ධයන්ගේ නායකයා ලෙස පිළිගනී. අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේ දෙනමට ජීවිත කාලය පවතිනා තෙක්…