Month November 2025

විනෝද චාරිකා ගිය පසු, ඉන්නා තැන පෙන්වමින් සමාජ මාධ්‍යවල Selfie පළ කරන්න එපා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා නිවසින් පිටත්ව ගිය පසු, තමන් දැනට ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබ පසුපස එන…

බස් – දුම්රිය ඒකාබද්ධ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය

බස්, දුම්රිය, කුලී රථ යන ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව, වැඩිම මගී සංසරණයක් සිදුවන බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රමුඛතා පදනම මත, පහත සඳහන් බහුවිධ ප්‍රවාහන…

ඉන්දියාවේ පිපිරීමෙන් විපතට පත් වූවන්ට ජනපති අනුර සිය ශෝකය පළ කරයි

ඊයේ (10) රාත්‍රියේ ඉන්දියාවේ සිදු වූ මෝටර් රථ පිපිරීමෙන් විපතට පත් වූවන්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා. සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව, ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවයි. 17…

කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව එකඟතාව පළ කරයි

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින, කාණ්ඩ කිහිපයකට අයත් BYD වාහන තොගයක්, බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින අදාළ වාහන…

බස්රථ සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ කටයුතු මේ මාසය අවසන් වීමට පෙර ආරම්භ කරනවා – ප්‍රවාහන අමාත්‍ය

මේ මාසය අවසන් වීමට පෙර බස් රථ ප්‍රවේශපත්‍ර සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, බස් ඩිපෝ 107 න් සැලකිය යුතු ප්‍රමාණයක බස් රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු…

රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදෙයි

අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනා එල්ල වී සිටින, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාරදීම සිදු කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී අල්ලස්…

ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්රන් මිලෙහි යළිත් කැපී පෙනෙන වැඩිවීමක් සිදුවී තිබෙනවා. ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ඩොලර් 4,120 පසුකර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙරට රත්රන් මිල ද ඉහළ ගොස් ඇති අතර, අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය…

පකිස්තානු ක්‍රිකට් පිලේ නෂිම් ෂාගේ නිවසට වෙඩි

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වන නසීම් ෂා ගේ නිවසට නොදන්නා තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඇති අතර, මේ සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ පහර දීමෙන් නිවසේ…

බොලිවුඩයේ ජනප්‍රිය නළු ධර්මේන්ද්‍ර මියයයි

බොලිවුඩයේ ‘හී-මෑන්’ (He-Man) ලෙස ආදරයෙන් හැඳින්වූ ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 89 වැනි වියේ පසුවූ ඔහු මුම්බායි හිදීයි මියගොස් ඇත්තේ. අද (11) උදෑසන ඔහුගේ කණ්ඩායම විසිනුයි මෙම පුවත තහවුරු කර ඇත්තේ. ශ්වසන අපහසුතා හේතුවෙන් මුම්බායි හි බ්‍රීච්…

ලංකාවේ වායු ගුණය අයහපත් මට්ටමට

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමට පත්ව ඇතැයි වාර්තා වෙනවා. මෙය අයහපත් සසෞඛ්‍ය මට්ටමකට (Unhealthy) පහත වැටී ඇති බවයි වායු ගුණාත්මක දර්ශකයේ (AQI) කාලීන දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. මේ අනූව වායු ගුණාත්මකභාවය පිරිහී ඇති ප්‍රදේශ අතර, කදුරුවෙල, හලාවත,…