Month November 2025

උසස් පෙළින් සුදුසුකම් ලබන ආබාධිත සිසුන්, මෙතෙක් පීඨ 4ක් සඳහා පමණක් ඇතුළත් කර ගනු ලැබූවත්, මින් පසු විශ්වවිද්‍යාලවල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට පියවර..

 උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබේ. උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමිවූ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා…

කොටහේනේ ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඊයේ (13) ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන මෙම අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස සිටි සැකකරු…

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය කඳවුරක්

2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක්  කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කෙරේ. ඉන් අනතුරුව පෙ.ව.…

යතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයි

වරකාපොල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ. තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල…

තලාවේ තවත් බිහිසුණු අනතුරක් – තරුණයාට බරපතළයි

තලාව සුනාමි හන්දි අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය. අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර්…

හරක් කටා හා කුඩු සළිඳු බේරාගන්න මැඩගස්කරයටත් ගිහින්

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුව‍ට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින නීතිඥවරිය හරක් කටා හා කුඩු සළිඳු බේරාගැනීමට මැඩගස්කරයට පවා ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඇය එහිදී මැඩගස්කර පොලීසියේ නිලධාරීන්ට එරට මුදල්…

දිනාගත් බලය ජනතාව වෙනුවෙන්මයි

බලය කිසිසේත්ම රටේ පොදු ජනතාව පීඩාවට පත් කරන මෙවලමක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. හිස උදුම්මා ගත් මානසිකත්වය හෝ උද්ධච්ච බව බලය නිර්මාණය නොකරන බව කී ජනාධිපතිවරයා, බලය සැබැවින්ම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් බව සියලු…

පහළ වායුගෝලීයේ කැළඹීමක් – ප්‍රදේශ රැසකට වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ  හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව…

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හයවන දිනය අද (14) පැවැත්වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද (14) ප.ව. 6.00 ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන්…