November 2025

අද කාලගුණය

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි අයෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙම සැකකරු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණේ  මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම්…

මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු හතරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) මෙම අනතුරු සිදුව තිබුණේ නිට්ටඹුව, තලාව, හෙට්ටිපොල සහ පුත්තලම යන පොලිස් වසම්වලදීය. කොළඹ – මහනුවර මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදික…

මුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහළ ප්‍රගතියක්

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. 2030…

හවසට දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම,…

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනියි

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර අද(02) උදෑසන පීලිපැනීමට ලක්වු බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. ඡායාරූප උපුටා ගැනීම – රටවටා දුම්රිය මගීන්ගේ නිල…

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් සටන අද

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට පැවැත්වීමට නියමිතය. කාලගුණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද තරගයට යම්තාක් දුරට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ සම්භාවිතාවක් ඇති බවය.…

මාස 9ට අපනයනය 5.2%කින් ඉහළට

2025 වසරේ පළමු මාස 09 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය සියයට 5.2 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය සියයට 5.2 කින් ඉහළ ගොස් ඇත. වසරේ…

බ්‍රිතාන්‍ය දුම්රියක් තුළ පිහි ඇනුමක් – 09කට බරපතලයි

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්ෂයර් ප්‍රදේශයේ දුම්රියක් තුළ සිදුවූ පිහිඇනුම් සිද්ධියකින් පුද්ගලයන් 10 දෙනෙකු රෝහල්ගත කර ඇත. ඉන් 09 දෙනෙකු ගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිද්ධිය වාර්තා වන්නේ ඩොන්කැස්ටර් සිට ලන්ඩනයේ කිංස් ක්‍රොස් දක්වා ධවනය වූ දුම්රියකය. සිද්ධිය සම්බන්ධයෙන්…

වතිකාන රාජ්‍ය සබඳතා ලේකම් පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ලංකාවට එයි

වතිකාන රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් (Paul Richard Gallagher) නොවැම්බර් 3 වැනිදා සිට 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආධ්‍යාත්මික ගමනට නිහඬ වටිනාකමක් එක් කරන මොහොතක් ලෙසද සැලකේ…