Month November 2025

කුඩු සළිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරේ කුඩු සළිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අරුක්ගොඩ රුක්ගහ පාරේ නිවසකදී රුපියල් ලක්‍ෂ 10කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, එම මත්ද්‍රව්‍ය…

පොලිතීන් බෑග් වෙනුවට කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට යෝජනාවක්

පොලිතීන් බෑග් හෙවත් සිලි සිලි බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනාවක් සිදු කර තිබේ. භාණ්ඩ මිලදී ගැනීමේදී සිලි සිලි බෑග් සඳහා…

පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා. අද (15) පාර්ලිමේන්තුවේදීයි ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.

චීන ජාතිකයන්ට, ජපානයට ගමන් කිරීමෙන් වළකින ලෙස උපදෙස්

තායිවානයට එරෙහිව බලය යෙදවීම ටෝකියෝවෙන් මිලිටරි ප්‍රතිචාරයක් ලැබිය හැකි බවට ජපාන අගමැති සානේ ටකයිචි කළ ප්‍රකාශයක් හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, චීනය සිය පුරවැසියන්ට ජපානයට ගමන් කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී…

ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය 39% සිට 15%ක් දක්වා අඩු කෙරේ..

ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර තිබේ. ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය සමග  ඔවුන්ගේ වෙළඳ ගිවිසුම නිම කිරීම සඳහා වන සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කරන බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ…

ජාතික පොලිස් කොමිසමෙන් නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට අනුමැතිය

ජාතික පොලිස් කොමිෂන් සභාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව, සංජීව ධර්මරත්න පරිපාලනය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට සහ ලලිත් පතිනායක එම ධුරයෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස…

වතු කම්කරු වැටුප වැඩි කිරීමේ තීරණයට සමගියත් පක්ෂයි : “ප්‍රජා ශක්ති” ගැන චෝදනා

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට

වතු කම්කරුවන් වෙනුවෙන් රජය සිදුකළ වැටුප් වැඩි කිරීමට තම පක්ෂය ද සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වතු කම්කරු ප්‍රජාවගේ වැටුප සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මේ අතර, ප්‍රජාශක්ති නමින්, දුප්පත්කම තුරන්…

කිරින්දේ දී අයිස් සමග ඇල්ලූ හිටපු කමාන්ඩෝ සෙබළාගේ නිවාස 02ක් පොලිසිය පිරික්සයි

රින්ද – අඳගල වැල්ල මුහුදු ප්‍රදේශයෙන් රුපියල් කෝටි 349කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 330කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනාගේ දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර බොරැල්ල ප්‍රදේශයේ…

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවයක් අද (15) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. “දේශ සීමා ඉක්මවා – ශ්‍රි ලාංකිකයින් බලගැන්වීම” යන තේමාව යටතේ මෙම සැමරුම්…

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ නායයෑමක්

ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු අතුරුදන්ව තිබේ. අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමණාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දුනීසියාවට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ගම්මාන…