Month November 2025

GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය…

ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ගිනිඅවියක් සහ පතරොම් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු හලාවත කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදි විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් 03ක්, තීරුබදු රහිතව මෙරටට…

2025 මුල් මාස 10 තුළ සංචාරක ආදායම ඩොලර් බිලියන 2.65ක්

2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.  2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1කි. මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල්…

කඳානේදී ලොරි රථයක් සොරකම් කර පලායමින් සිටි සැකකරුවෙක් සිදුකළ අනතුරකින් අයෙක් මරුට

ලොරි රථයක් සොරකම් කර පලා යමින් සිටි සැකකරුවෙක් සිදු කළ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව, මෙම සිදුවීම ඊයේ (නොවැම්බර් 15) රාත්‍රියේ කඳාන පොලිස් වසමේ මාරියා මාවත ප්‍රදේශයේ දී…

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 62 වැනි වියේ පසුවී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (06) අලුයම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි සඳහන් වන්නේ. ඔහු…

අද කාලගුණ නිවේදනය

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) දිනයේ දී මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය…

මම කවදාවත් මේ ආණ්ඩුවට එකතු වෙන්නෑ, නමුත් මේගොල්ලෝ යන ගමනට මං ආශිර්වාද කරනවා – සරත් ෆොන්සේකා

වත්මන් ආණ්ඩුව යන ගමන ගැන සතුටු වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ආර්ථිකය සම්බන්ධව විශාල වෙනසක් දැකිය නොහැකි වුවත්, දූෂණයට එරෙහිව ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා වැඩ කටයුතු නිසාත්, දූෂිතයන් ආරක්ෂා නොකරන නිසාත් ආණ්ඩුව ගැන සතුටු වන බවයි ඔහු මාධ්‍ය වෙත…

පොලීසියේ ඉහළ තනතුරු කිහිපයක වෙනසක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි පොලිස් ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පරිපාලන තනතුර දක්වාත්,…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (15) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි…

පෙම්වතිය ඝාතනය කළ පෙම්වතාත් සියදිවි නසා ගනී

ගම්පොල, මිල්ලගහමුල පන්විලතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී දැරියක් ඝාතනය කළ පුද්ගලයකු සියදිවි හානි කරගෙන තිබේ. පොලිසිය පැවසුවේ ප්‍රේම සබදතාවයක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත මෙය සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 16 හැවිරිදි දැරියකි.…