Month November 2025

හෙරොයින් ළඟ තබාගත් කතට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.  2021 වසරේ සැප්තැම්බර් මස…

චාමරට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව ගොනුකර තිබෙන පැමිණිල්ලක් ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.  මෙම පැමිණිල්ල අද (18) කොළඹ ප්‍රධාන…

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය මෙලෙස අද දින ජීවිතක්ෂයට පත්ව ඇත. මියයන විය 68 වන වියේ පසුවූ චිත්‍රා කළුබෝවිල මහත්මිය මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ…

හිටපු මහ බැංකු අධිපතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව…

පොලිස් නිලධාරීන්ට රු 7,000ක දීමනාවක් – කැබිනෙට්ටුවෙන් ගත් අලුත්ම තීරණය

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) පවසා සිටියේ, එම දීමනාව එළැඹෙන මාසයේ සිටිම ලබාදෙන බවය.…

තැපෑලේ නමින් කළ මහාපරිමාණ මූල්‍ය වංචාවක් හෙළිවෙයි

තැපැල් දෙපාර්තමේන්තුවේ නම භාවිත කරගෙන තැපැල් ගනුදෙනුකරුවන්ගෙන් විදේශ මුදල් ඇතුළු මූල්‍ය වංචා සිදුකරන කල්ලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක සංවිධානයක් විසින් දෙවසරකට අධික කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බවයි හෙළිව ඇත්තේ. මෙම…

හිටපු ජනපති මහින්දට 80යි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 80වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් අද පස්වරුවේ දළදා මාළිගාවේදී ඔහුට සෙත්පතා විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම හෙට (19) දිනයේ මහා සංඝරත්නය උදෙසා දළදා මාළිගා පරිශ්‍රයේදී දහවල් දානය පූජා කිරීමටද නියමිත බවයි…

බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවෙයි

බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. එම පාර්සලය වෙරළට ගසාගෙන ගොස් ඇති අතර එය අද උදෑසන පොලිසිය විසින් සොයානෙ ඇති බව වාර්තා වෙයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා බිඳවැටීමක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. 

ASP උසස්වීම්වලට එරෙහි පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබයි

2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී  ලකුණු දීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඒ අනුව එම උසස්කිරීම් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 148…