Month November 2025

ලොව විශාලතම මගී ගුවන්යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්වයි

ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ හදිස්සියේ ගොඩබස්වා තිබේ. ඊයේ (20) රාත්‍රියේ මෙලෙස හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බව ‘අද දෙරණ’ ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේය. එහි…

යුක්තිය මෙහෙයුමෙන් රිමාන්ඩ් කළ පිය පුතු දෙදෙනා රු.කෝටි 10ක වන්දි ඉල්ලයි

ඉකුත් රජය සමයේ යුක්තිය මෙහෙයුම පැවති අවස්ථාවේදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් තමන් අත්ඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි චෝදනා කරමින් රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් සිදුවූ සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් රුපියල් කෝටි 10ක…

මවට හා 16 හැවිරිදි පුතුට ඇසිඩ් ප්‍රහාරයක් – මව මරුට

අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ (20) රාත්‍රියේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ බවට පොලීසියට පණිවුඩයක් ලැබී තිබුණි. ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු මව සහ දරුවාව පොලිස්…

රනිල් ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට ජනපතිගේ ධනාත්මක ප්‍රතිචාර බෙහෙවින් අගයනවා

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිවැරදි දිශානතියකට යොමුකිරීම වෙනුවෙන් කතෝලික සභාව කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර බෙහෙවින් අගය කරන බව රොහාන් ද සිල්වා පියතුමා පැවසූහ. පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම මුල්කරගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ…

රැලියට සජබ නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් නුගේගොඩදී අද දිනයේ පැවැත් වීමට සූදානම් කර ඇති රැලියට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීන්දුවක් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. මෙය විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ අමනාපවී හෝ…

මෙරට සිටින්නේ අලි 7,451යි

අලි සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව මෙරට සිටිය හැකි යැයි අනුමාන කළ හැකි සමස්ත අලි ප්‍රමාණය 7,451ක් යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ…

මාස 10කදී ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 32ක ලාභයක්

ඛනිජතෙල් නීතිගත සංස්ථාව පසුගිය ඔක්තෝබර් මාසය වන විට බිලියන 32ක ලාභයක් ලබා ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. පසුගිය රජයන් විසින් පෙට්‍රල් ෂෙඩ් 600කට අධික සංඛ්‍යාවක් සමාගම් තුනකට ලබාදී තිබියදීත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ…

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කරන්නේ නැහැ

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. හිස්බුල්ලා මන්ත්‍රීවරයා මීට වසර 33කට පෙර පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ලෙස මෙම කාරණාව ඉදිරිපත් කර…

අද නුගේගොඩ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් අද (21) විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ…