Month November 2025

එක්සත් රාජධානියට අධික සීතලක්

එක්සත් රාජධානියේ මෑත කාලය තුළ සරත් ඍතුවේ වාර්තා වූ ශීතලම දිනය ඊයේ (21) රාත්‍රියේ උදාවී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ස්කොට්ලන්තයේ උෂ්ණත්වය එක රැයකින් සෙල්සියස් අංශක -12.6ක් දක්වා පහත වැටීම මීට හේතු වූ බවය. මෙය සැලකෙන්නේ වසර 15කට පසු නොවැම්බර්…

ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස්පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර

ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට යාමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ඇති බවත්,…

කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක්

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ. මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

සුළු ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවිම්

ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා…

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ඖෂධ වර්ග 350 ක මිල එකවර පාලනය කෙරේ

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මේ තුළින් මෙරට…

අධිකරණ සේවා කොමිෂන් සභාව ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලීමක්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සිදුවන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය අද (21) දින කතානායක ජගත් වික්‍රමරත්නගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කර තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අධිකරණ නිලධාරීන් ආශ්‍රිත පත් කිරීම්, උසස් කිරීම්,…

SriLankan Airlines ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹී තිබෙනවා. මෙම බැඳුම්කර හිමි කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන…

කුඩු කිලෝ 152 ක් ප්‍රවාහනය කළ වැරදිකරුවන්ට පැනවූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය තහවුරු කරයි

2019 වසරේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 152 කට අධික ප්‍රමාණයක් දකුණු මුහුදු තීරයේ ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් අද තහවුරු කර තිබෙනවා. එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින්…

මම අරගලය මර්දනය කරා කියලා විදෙස් මාධ්‍ය කිව්වා, කොච්චර මර්දනය කරාද කියනවා නම් ඊළඟ මැතිවරණයෙන් මම පැරදුණා – රනිල්

විදෙස් බලවේගයන්ට යට නොවී රට තුළ අරගලය සමඟ මතුවූ අර්බුදය ශ්‍රී ලංකාව තුළම විසඳා ගැනීමට හැකි වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව අරගලය අවස්ථාවේදී තමා අරගලය මර්දනය කිරීමට කටයුතු කළ බවට BBC, Al Jazeera වැනි නාලිකා ප්‍රකාශ…

උද්ධමනය 2.7% ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය…