Month November 2025

දිගම්පතහ මාරක අනතුරක්

දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී ඊයේ (21) මාරක අනතුරක් සිදුව තිබෙනවා. එකම දිශාවට ධාවනය වූ යතුරු පැදි දෙකක් එකට ගැටීමේදී පසුපසින් ගිය යතුරුපැදියේ පැදිකරු විසි වී ගොස් ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් යතුරුපැදිකරුවන්…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (22) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ පළාත් සහ ගාල්ල,…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වසා තැබේ

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පවසයි. සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස්…

කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන සිව්දෙනෙකු දක්වා ඉහළට

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය. අද පෙරවරු 9.00ට පමණ පහලකඩුගන්නාව…

ලැබෙන පළමු අවස්ථාවේදීම මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ

වර්තමාන ආණ්ඩුව පෙරළීමට හැකි පළමු අවස්ථාවේදී අනිවාර්යෙන්ම පෙරළීමට විපක්‍ෂය එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව පැවසුවේ අද(21) නුගේගොඩදී පැවැත්වුණු මහා ජන හඬ විපක්ෂයේ ජනරැළියට සහභාගී වෙමින්. නාමල්…

මහින්දානන්ද, නලීන්ගේ කැරම්බෝර්ඩ් නඩුව යළි පෙබරවාරි 05 වැනිදා

මාතර බ්‍රවුන්හිල්ස් ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පැවති නඩුව ලබන වසරේ මැයි 22 වනදා දක්වා කල් දමා තිබෙනවා. මෙම නඩුව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අතර, එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ප්‍රකාශ කර…

කොටහේන වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේ ඉකුත් (07) වැනිදා වෙඩි තබා කළ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 450 ක්ද සොයා ගත්තා. කොළඹ අපරාධ කොට්ඨාසයට…

බැංකු කාඩ් පතින් බස් ගාස්තු ගෙවීම අනිද්දා ඇරඹෙයි

බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමට අනිද්දා (24) සිට මගීන්ට අවස්ථාව හිමි වනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ තාක්ෂණික මගපෙන්වීම යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. මෙය මුදල් රහිත…

මාතර උසාවියේ දී බැසිල් ගැන කරුණු රැසක් හෙළිවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (21) දින මෙරටට පැමිණීම සඳහා ගුවන්ගමන් බලපත්‍ර වෙන්කර, පසුව ඒවා අවලංගු කර ඇති බව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය විය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පැවසුවේ, ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගී තත්ත්වයක් පවතින බැවින් ගුවන්ගමන්…

ත්‍රීරෝද රථයක් තුළ සැකකටයුතු මරණයක්

මහරගම පොලිස් වසමේ ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේ ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රියේ සොයාගෙන තිබේ. මහරගම පොලීසියට ලද තොරතුරක් මෙම මළ සිරුර හමුව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ…