Month November 2025

කොළඹ – බදුල්ල මාර්ගය එක් මංතීරුවකට සීමා වෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. පොලිසිය සදහන් කළේ, ඊයේ (24) රාත්‍රියේ ඇද හැලුණු වැසිත් සමඟ බෙරගල සහ හපුතලේ අතර හල්දුම්මුල්ල කදිරේෂන් කෝවිල අසලින් මාර්ගයට පස්කන්දක්…

බලංගොඩ නායයාමේ අවදානමක් : පුද්ගලයින් පිරිසක් ආරක්ෂිත ස්ථානවලට

බලංගොඩ, පෙට්ටිගල ප්‍රදේශයේ නායයාමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. දින කිහිපයක සිට ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග පෙටිටිගල ප්‍රදේශයේ නායයාමේ ලක්ෂණ මතු විම හේතුවෙන් ඔවුන් ඉවත් කළ බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්…

මත්පැන්හලේ ඝාතනයට සැඟව සිටි අයෙක් අත්අඩංගුවට

යාපනය, පොන්නාලේකඩ්ඩුවාන් ප්‍රදේශයේ පිහිටි මත්පැන් ශාලාවකදී පහරදීමක් සිදුකර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු කන්කසන්තුරේ පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට පෙර දිනයේ රාත්‍රියේදී මෙම මත්පැන් ශාලාව තුළදී හටගත් ගැටුමකදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් පොල්ලකින් එක් පුද්ගලයෙකුට පහරදීම…

නීතිවිරෝධී දැව ලොරිය පොලිස් අණ නොතකා පලා යයි

චාවකච්චේරිය ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලිස් අණ නොතකා පලාගොස් තිබේ. අදාළ ලොරි රථය චාවකච්චේරිය, සංගුපිඩ්ඩි මාර්ග බාධකයේ දී නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර තිබුණි. කෙසේවෙතත් ලොරි රථය අණ නොතකා එම ස්ථානයෙන් පලා ගොස් ඇති…

රුපියල් කෝටි තුනකට අධික මූල්‍ය වංචාවක් – දෙදෙනෙකු අත්අඩංගුවට

රපියල් කෝටි තුනකට අධික මුදල් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් පුද්ගලික ආයතනයකට වයිෆයි (WI-FI) ඇන්ටනා ලබාදෙන බවට පවසා පොරොන්දු වූ පරිදි භාණ්ඩ ලබා නොදී රුපියල් තුන්කෝටි හැටනව ලක්ෂ…

පළාත් 6කට මි.මී 200 ඉක්මවූ වැසි – ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන්…

මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි

මේ වසරේ ගතවූ කාලය තුළ ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් පිරිසක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකි වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පවසයි එසේම 18,000 කට වැඩි සමාගම් ප්‍රමාණයක් අලුතින්…

සිය­ලුම පාස­ල්ව­ලට අවශ්‍ය පහ­සු­කම් එක සේ ලබා­දෙ­නවා

පාස­ල්ව­ලට අවශ්‍ය පහ­සු­කම් ලබා­දී­මේදී අවශ්‍ය පහ­සු­කම් ලබා දෙනවා මිස එය ජාතික පාස­ලක් ද, පළාත් පාස­ලක් ද යන්න කෙරෙහි අව­ධා­නය යොමු නොක­රන බව අග­මැ­තිනි, අධ්‍යා­පන අමාත්‍ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (24) ප්‍රකාශ කළාය. සිය­ලුම පාස­ල්ව­ලට අවශ්‍ය පහ­සු­කම් එක සේ ලබා­දිය…

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද විවාදයට

පාර්ලිමේන්තුව අද (25) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද හයවන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට…

මා පිය රැකවරණ දීමනාව අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන වාර්තා අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යාංශය

රණවිරු දෙමාපියන්ට ලබාදෙන “මා පිය රැකවරණ දීමනාව” අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, එම දීමනාව රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශයේ මැදිහත් වීමෙන් අඛණ්ඩව ලබාදීම සිදු කරනු ලබන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම…