Month November 2025

තංගල්ල මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

තංගල්ලට ආසන්න මුහුදු තීරයේදී අයිස් හා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 376කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ලබන මස 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන්…

දෙහි බාලේ නමැත්තාට අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙහි බාලේ’ නමැත්තාට අයිති ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව, දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්…

පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්

ලෝක ‍වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂි සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව, ගොවීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින්…

හේලි ගුබ්බි වසර 12,000 කට පසු පුපුරා යයි – අළු වළාකුළු ඉන්දියාවටත් ඇවිත්

ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටි හේලි ගුබ්බි (Hayli Gubbi) ගිනි කන්ද වසර 12,000 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබෙනවා. මෙම පිපිරීම හේතුවෙන් පිට වූ අළු වලාකුළු රතු මුහුද හරහා යේමනය සහ ඕමානය දෙසට ගමන් කරමින් පවතින බවයි විදෙස් වාර්තා…

රටම එකට ජාතික මෙහෙයුම : ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 980 කින් සැකකරුවන් 979 ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (25) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 980 ක් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 979 ක් අත්අඩංගුවට ගත් බවත්, 72 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු…

මුහුදු නොයන්නැයි ධීවරයින්ට දැනුම්දීමක්

නැවත දැනුම් දෙනතුරු මුහුදු නොයන්නැයි ධීවරයින්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කරනවා. දැනට දිවයිනේ පවතින සුළං තත්වය ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් මේ තත්ත්වය පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

ඉන්දීය යුද හමුදාපති ලංකාවේ සංචාරයකට

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති. ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන්නේ මෙම සංචාරය ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක…

නුවරඑළිය සහ මහනුවරට නායයෑම් පූර්ව රතු අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට අදාළව නායයෑම් පූර්ව රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ඊට අයත්. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දන්ඩාහින්න, මතුරට සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ…

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලකට දඩ

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිළිගෙන තිබේ.  පාරිභෝගික අධිකාරිය පැවසුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළෙඳසැල් හිමියාට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර ඇති බවය. කිරි සම්බා සහල්…

බෝට්ටුවක් පෙරළීයාමෙන් තරුණයෙකු මරුට

පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළී‍යාමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 22ක් වන තරුණයෙකි. කාර්මික දෝෂයකට ලක්ව තිබූ බෝට්ටු ඇන්ජිමක් අළුත්වැඩියා කර පරීක්ෂා කිරීමට යාමේදී මෙම අනතුර සිදුව…