Month November 2025

දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සිදු වෙමින් පවතිනවා: ලංකා විදුලිබල මණ්ඩලය

කාලගුණය ආශ්‍රිත විදුලි බිඳවැටීම්වලින් පසුව දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට පත් කිරීම මේවනවිට සිදුවෙමින් පවතිනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ජංගම යෙදුම භාවිතයෙන් ගැටළු වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

බහාලුම් 323 ගැන විමර්ශනයක් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි. අද (27) උදෑසන පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර…

කුඩු අල්ලන්න අමෙරිකානු නාවික සහාය

වත්මන් රජය මත්ද්‍රව්‍ය නිවා­ර­ණය සඳහා ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළට අවශ්‍ය නාවික ආධාර ලබා­දී­මට අමෙ­රි­කානු එක්සත් ජන­ප­දය සූදා­නම් බව ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති ජූලි චංග් (Julie Chung) මහ­ත්මිය ප්‍රකාශ කළාය. කොළඹ වරාය සංව­ර්ධ­න­යට මෙන්ම රජයේ ඩිජි­ට­ල්ක­රණ වැඩ­පි­ළි­වෙළ කාර්ය­ක්ෂම කිරීම වෙනු­වෙන් අවශ්‍ය සහාය…

ජනපති පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවයි

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් අද(27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය,…

බෙන්තර පැරණි පාලම කඩා වැටෙයි

වසා දමා තිබුණු බෙන්තර පැරණි පාලම ඊයේ (26) රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. මෙම පාලම අබලන්වීම හේතුවෙන් කලක පටන් එය වසා දැමීමට පියවර ගෙන තිබුණා.

UPDATE: උසස් පෙළ විභාගය නොපැවැත්වෙන දිනයන් වෙනුවට විභාගය පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙනවා – විභාග දෙපාර්තමේන්තුව

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (27) සහ හෙට (28) දිනයේ උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අද සහ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විෂයයන්වලට අදාළ විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බවයි එම…

ගලක් කඩා වැටීම නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වාහන ධාවනය එක් මං තීරුවකට සීමා කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, රාවණා ඇල්ල අසලින් ඇල්ල – වැල්ලවාය මාර්ගය මතට ගලක් කඩා වැටී ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

හොංකොං මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 44 ක් දක්වා ඉහළට

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් මේ වන විට පුද්ගලයින් 44 ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. එසේම තවත් පුද්ගලයින් 279 ක් අතුරුදහන් වී ඇති බවයි එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය…

බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11 ක් ජීවිතක්ෂයට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම, ගලඋඩ සහ කහටරුප්ප යන ප්‍රදේශවල මෙම නාය යෑම් සිදු වී ඇති අතර,…