Month October 2025

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම ඔක්තෝබර් 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්,…

මහින්දගේ ආරක්ෂකයාගේ ඉන්ධන හලක්, හෝටලයක්, ඉඩම් ඇතුළු මිලියන 28ක වත්කම් ගැන අනාවරණය වෙයි

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි, ඔක්තෝබර් මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස්…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, උතුරු,…

මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (2) නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත්…

යාල්දේවි දුම්රිය කාලසටහනේ වෙනසක්

යාල්දේවි ශිඝ්‍රගාමි දුම්රිය කාලසටහනේ ඔක්තෝබර් මස 7 වැනිදා සිට 18 වැනිදා දක්වා තාවකාලිකව වෙනසක් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි. උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව – ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම වෙනස…

ලබන 8 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 08 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව එහිදී රුපියල් මිලියන මිලියන 33,500 ක් ( බිලියන 33.5) වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය. එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 6000ක, දින…

කෝප් කමිටුව යටතේ අධීක්ෂණය වන රාජ්‍ය ආයතන 457ක ප්‍රධානීන්ට වැඩමුළුවක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන රාජ්‍ය ආයතන 457 ක ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. අදාළ ආයතනවල සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී හෝ ‍වෙනත් ප්‍රධාන තනතුරු දරන 700කට ආසන්න පිරිසක් කණ්ඩායම්…

ටින්කර් රිමාන්ඩ්

පෑලියගොඩ ප්‍රදේශයේ මැණිං වෙළඳසැල අසළදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට අවශ්‍ය ගිනි අවිය සහ වෙඩික්කරු ප්‍රවාහනය කිරීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ කුඩු සෙල්වි…

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව, ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 02 ක් පිටත්කර යවා ඇති බවයි සඳහන් වන්නේ.

ICTA ආයතනය ඈවර කිරීමට කටයුතු කරනවා – ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කිරීමට පියවර ගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා. ලෝක බැංකු සහයෝගය ඇතිව ආරම්භ කරන ලද මෙම ආයතනය දැන් ගොඩගත නොහැකි මට්ටමකට අභාවයට ගොස් ඇති බවයි ඔහු සඳහන්…