Month October 2025

ගුරුවරයෙක් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන

ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති ශෝචනීය පුවතක් කිලිනොච්චිය, තිරුවයියාරු ප්‍රදේශයෙන් වාර්තා වේ. ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණි. මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර…

පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිට සන්නස් පත්‍රය පිළිගන්වයි

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික මඟුල් මඩුවේදීය. අස්ගිරි පාර්ශ්වයේ කටයුතු කළ…

විදුලි සේවකයෝ අකුරට වැඩ කිරීමෙන් ඊළඟ අදියරට මාරුවෙති

මෙතෙක් ක්‍රියාත්මක වූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරමින් සඳුදා දිනයේ සිට ඉහළ නිලධාරීන් සමග සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා. අද දිනය තුළ තමන් ගනුදෙනු නොකරන නිලධාරීන් සහ…

වට්ස්ඇප් වංචා සහ හැක්කිරීම් වැඩිවෙයි : අවදානමට පෙර දැනුවත්වන්න

මෑතකාලීනව ශ්‍රී ලංකාවේ වට්ස්ඇප් හරහා සිදුවන වංචා සහ හැක්කිරීම් සම්බන්ධ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ පවසනවා. ඒ අනුව මේ වන විට ගිණුම් හැක්වීම් සම්බන්ධ වාර්තා වැඩි වශයෙන්…

”බෙලිඅත්තේ සනා” ලබන 9 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය සිද්ධියේ යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “බෙලිඅත්තේ සනා” ලබන 9 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසරය ලබා දී තිබෙනවා. ඒ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඊශ්‍රායල් රැකියා අවස්ථා අහිමි වූ 562 දෙනෙකුට යළිත් රැකියා අවස්ථා හිමිවෙයි

ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමට පවත්වන ලොතරැයි ක්‍රමයෙන් ඊට නොතේරුණු පිරිස වෙත යළි රැකියා අවස්ථා හිමිවී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව, PIBA ආයතනයේ දත්ත පද්ධතියෙන් ඉවත් කරන ලද හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා…

නන්දනට හා ගම්මන්පිලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට එරෙහිව ‘පුරවැසි බලය’ සංවිධානය විසින් අද (03) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද්වේශ සහගත ලෙස විවේචනය කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු…

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (03) විරෝධතාවක් පැවැත්වුණා. ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බවයි සඳහන් වෙන්නේ. ‘දරු…

පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වෙයි

පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා. ඒ අනුව, 2008 වසරේ සිට වසර 17 කට ආසන්න කාලයක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම පිළිකා සෛල නසන පෝෂක…

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඔක්තෝබර් 08 වැනිදා කැඳවීමට නියෝග

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, මෙම…