Month October 2025

බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අද පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව…

‘පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නවත්තන්නේ නැහැ’ – බලශක්ති ඇමති

රජය විසින් ගෙන ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ කෙසේ නමුත් එම ව්‍යාපෘති හේතුවෙන් ජනතාවට මතුවන ගැටලු මානුෂිකව සලකා බලා ඒවා විසඳීමට ගත හැකි සියලු පියවරද ගන්නා බවයි. අමාත්‍යවරයා…

ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ඇල්පිටිය පොලිස් වසමේ ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසකට ඊයේ (04)  රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. නාදුන්න  පුද්ගලයකු විසින් එම නිවසේ ජනේලයකට වෙඩි තබා ඇත එම අවස්ථාවේ නිවෙස් හිමියන් නිවස තුළ සිට ඇත. වෙඩි තැබූ අය යතුරුපැදියකින් පලා ගොස් ඇති …

මහබැංකුව ක්‍රිප්ටෝ ගැන හොයන්න කමිටුවක් ඉල්ලයි

ආන්දෝලනයට තුඩු දී ඇති ක්‍රිප්ටෝ මුදල් (Crypto Currencies) සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු විද්‍යාත්මක ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට යෝජනා කර ඇත. මෙම අවශ්‍යතාව දැනුම් දෙමින් ශ්‍රී…

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රශංසනීය මාවතක – IMF කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉතා විශිෂ්ඨ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සදහන් කරයි. අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසෑක් මහත්මිය මේ බව පැවසුවාය. එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින්…

අද කාලගුණ නිවේදනය

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුරුමැද, නැගෙනහිර,…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙයි එම නිවේදනය අද (04) රාත්‍රී 11 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල…

2025 වසරේ මාස නමයක් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1248 ක් අත්අඩංගුවට – පොලිසිය

2025 වසරේ ගතවූ මාස 09 ක කාලය තුළ සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1248 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසනවා. එම කාලය තුළ දී අයිස් කිලෝග්‍රෑම් 1852 ක්ද පොලිසිය භාරයට ගෙන ඇති…

ලොරි මාරයා පාසල් සිසුවකු බිලි අරන්

ගම්පහ මිනුවන්ගොඩ පාරේ වීදියවත්ත හන්දියේ අද 04 පෙ.ව. 11.15ට පමණ සිදු වූ රිය අනතුරකින් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ වේගයෙන් පැමිණි ලොරි රථයක් පාසල් සිසුවා යට කරගෙන මෝටර් රථයක සහ ත්‍රීවිල් රථයක ගැටී නතර වූ බවයි.…

වසර 8කට පස්සේ ‘5G’ ආයෙත් වැඩට බහියි

2025 සංඛ්‍යාත වෙන්දේසිය සඳහා අවශ්‍ය 5G අවසාන පැවරීම පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පතකර තිබෙනවා. මෙහිදී අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,අවසාන පැවරීමේ මඟින් නව පරම්පරාවේ දුරකථන හා තොරතුරු සන්නිවේදන සේවාවන් පුළුල් කිරීමට බලවත් පදනමක් සලසනු ඇති බවයි.විශේෂයෙන්ම 5G තාක්ෂණය,…