Month October 2025

තරුණයින් දෙදෙනෙක් දුම්රියට බිලිවෙයි

කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි. මේ අතර මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ…

පස්සර – ලුණුගල මාර්ගයේ එක් මංතීරුවක් වසාදමයි

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ. ඒ අනුව මාර්ගය මතට ගල් පෙරලීමෙන් මාර්ගය අවහිර වී ඇති අතර පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එමෙන්ම…

සත්තු වත්තේ කූඩුවක් කඩා පරෙවියන් 32ක් උස්සයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසියට පැමිණිලි කළ බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්.සී. රාජපක්ෂ ප්‍රකාශ කරනවා. මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 4වෙනිදා රාත්‍රී කාලයේදී. සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන්…

කීරි සම්බා හිඟය යළිත් ඔඩු දුවයි

වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයට හේතුව මහා පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑම බව ගොවි සංවිධාන නියෝජිතයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ආණ්ඩුව යටපත් කර අයුතු ලාභයක් ඉපයීමට සූදානම් වන බවයි. ප්‍රමාණවත් සහල් සංචිතයක්…

පන්සලකට හොරු පැනලා

විහාරස්ථානයක ආවාස ගෙයක් බිඳ අට ලක්ෂ විසිදාහක (820000) මුදලක් සොරාගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා. 4 උදෑසන කාලයේ ඒ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙනේ ආවස ගෙට ඇතුළු වූ අයෙකු එලෙස මුදල් සොරාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර වාද්දුව…

සිඩ්නි නගරයේ වෙඩි තැබීමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන…

කළුබෝවිල චූටි සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එහිදි ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම්…

එ.ජා. මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී මහත්මා ගාන්ධි ජන්ම දිනය සම­රයි

එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී මහත්මා ගාන්ධි­තු­මාගේ 156 වැනි ජන්ම දින සැම­රුම් විශේෂ උත්ස­ව­යක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1869 ඔක්තෝ­බර් 2 වැනිදා උපත ලැබූ අවි­හිං­සා­වා­දයේ පියා ලෙස සැලෙ­කන මහත්මා ගාන්ධිගේ ජන්ම දිනය යෙදී ඇති ඔක්තෝ­බර් 2 වැනිදා ජාත්‍ය­න්තර…

ජෝර්ජි­යාවේ විරෝ­ධ­තා­ක­රුවෝ ජනා­ධි­පති මන්දි­රය වට­ලති

ජොර්ජි­යාවේ නග­ර­සභා මැති­ව­ර­ණ­යෙන් අති­වි­ශිෂ්ට ජයක් ලැබූ බවට පාලක ජෝර්ජි­යන් ඩ්‍රීම් පක්ෂය නිවේ­ද­නය කිරී­මත් සමඟ එරට රජ­යට එරෙහි විරෝ­ධතා පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාලක පක්ෂය ඡන්ද දුෂණ සිදු කරන බවට චෝදනා කර­මින් විප­ක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකක් ද මැති­ව­ර­ණය…

තාජු­ඩීන් ඝාත­නය වෙද්දී කජ්ජා මහින්දගේ අමාත්‍යාංශයක රියැදුරෙක්

රගර් ක්‍රීඩක වසීම් තාජු­ඩීන්ගේ ඝාත­නය සිදු වන විට අනුර විදා­න­ග­මගේ නොහොත් කජ්ජා ප්‍රබල අමා­ත්‍යාං­ශ­යක රියැ­දු­රෙක් ලෙස කට­යුතු කර­මින් සිට ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත. එව­කට ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා යටතේ පැවති ප්‍රබල අමා­ත්‍යාං­ශ­යක ඔහු රියැ­දු­රෙක් ලෙස සේවයේ…