Month October 2025

ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

මිනීමැරිමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටිය අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (07) නිෂ්ප්‍රභ කළේය. ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින්…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, උතුරු, උතුරු-මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි ඇති…

ඔට්ටු ඇල්ලීම සහ සූදු සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්ද සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව, මේ වසරේ ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, සූදු ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට අදාළ දළ එකතු කිරීම් සඳහා වන 15% ක බද්ද 18% දක්වා වැඩිකර…

පොලිස්පතිගේ WhatsApp අංකයට පැමිණිලි 8,000ක්

නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ WhatsApp අංකයට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 8,000 ඉක්මවා ඇති බව සඳහන් වේ. ඒ අනුව, එම පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරන අතර එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස්…

ඉල්ලීමක් කළහොත් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂිත වාහන නැවත දියහැකියි

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබා දී ඇති වාහන, ඉල්ලීමක් කළහොත් නැවත ඔවුන්ට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුව අමතමින්.

රන් මිලේ දැනෙන වෙනසක්

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය…

වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ වැටුප් ගැන තීරණයක්

වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බව…

ශ්‍රී ලංකාව ආයෝජන මණ්ඩලය අහෝසි කළ යුතුයි – අමෙරිකාව කියයි

මෙරට රජය විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අහෝසි කළ යුතු බවත්, මීට පෙර තීරණය කළ පරිදි ඒ වෙනුවට නව නියාමන ආයතන පිහිටුවිය යුතු බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ2025 ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ නවතම වාර්තාවෙන් පවසන්නේ…

හෙටින් පසු විදුලි සේවකයින් ලොක්කන් සමග ගණුදෙනු නවත්වයි

විදුලි වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රිියාමාර්ගයට සමගාමීව සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට (07) පස්වරුවේ සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු හෙට දිනයේ සිට…

අනුරපුරේ මී උණ කරදරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 10 දෙනකු මී උණ රෝගය වැළඳීමෙන් මේ වසරේ මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සී.ඩී.ආරියරත්න මහතා පවසනවා. පසුගිය වසරේදී මී උණ රෝගීන් 743ක් වාර්තා වූ බවත් ඉන් 16 දෙනෙක් මියගිය බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා. වර්ෂා…