Month October 2025

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස්  ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස දැක්වුණු අතර…

දුෂ්කර පාසල් තුන්දහසක්

දිවයින පුරා ඇති පාසල් 10,102 අතුරින් පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක් දුෂ්කර සහ අතිදුෂ්කර පාසල් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයකින් අනාවරණ වී තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස සමස්ත පාසල්වලින් සියයට 28.26ක්. මෙවැනි පසුබිමක ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු සහ එක් ශිෂ්‍යයෙකු සඳහා…

වසරේ මේ දක්වා ආයෝජන මණ්ඩලයට නව ව්‍යාපෘති 55ක්

2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා නව ව්‍යාපෘති 55ක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. පුළුල් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 49ක්. ඉන් වැඩිම ව්‍යාපෘති ඇඟලුම් සහ රෙදිපිළි ව්‍යාපෘතිවලට ඇතුළත්. එසේම, අනුමත කළ ව්‍යාපෘතිවල ඇස්තමේන්තුගත මුළු ආයෝජන…

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිලගෙන් චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට රංග දිසානායක පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොමග යවා ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල චෝදනා කරනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඔහු මෙම චෝදනාව එල්ල කළේ. අල්ලස්…

සතොස කහ-ලුණු-සීනි වෙළෙඳපොළට

සතොස වෙළෙ­ඳ­නා­මය යටතේ කහ, ලුණු සහ සීනි වෙළෙඳපොළට නිකුත් කිරී­මට ජාතික සමු­ප­කාර තොග වෙළෙඳ සංස්ථාව තීර­ණය කර ඇතැයි එහි සභා­පති කෝසල විල්බාව මහතා ‘දින­මිණ‘ට ඊයේ (07) පැවැ­සීය. මේ වන විට කහ සහ ලුණු ඇසු­රුම් කිරීම අරඹා ඇති අතර ජාතික සමු­ප­කාර…

රත්මලාන ගුවන්තොටුපළ, ජාත්‍යන්තර ගුවන්යානා නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු වලටත්

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම පෙන්නුම් කරමින්, පැරණිතම ගුවන්තොටුපළක් වන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ජාත්‍යන්තර ගුවන්යානා නඩත්තු සහ අලුත් වැඩියා කටයුතු සඳහා (MRO – Maintenance, Repair and Overhaul) විවෘත කර තිබේ. ඒ සමගම ශ්‍රී ලාංකේය…

ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි වාරිකය ලබා දීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. ආර්ථික වශයෙන්…

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ අභ්‍යන්තරයෙන්  හටගෙන ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. භූකම්පනයෙන් පසු එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සුනාමි අනතුරු…

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් මෙම වංචනික ක්‍රියා සිදුවන බව පොලීසිය සඳහන් කළේය. මෙවැනි මුල්‍ය වංචා සම්බන්ධයෙන් දෛනිකව…

සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මෙම ගැසට් නිවේදනයක් නිවේදනය නිකුත් කර ඇත.…