Month October 2025

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවට සහ එහි පිටුපස ඉන්දියාව සිටින බවට සඳහන් පුවත අසත්‍යයක් – පොලීසිය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍යයක් බව පොලීසිය පවසනවා. ඒ අනුව, 2025.10.08 වැනි දින රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට…

රට පුරා ග්‍රාම නිලධාරීහු වර්ජනයකට සැරසෙති

පසුගිය රනිල් වික්‍රමසිංහ රජයෙන් මීට අවුරුදු දෙකකට පෙර අනුමත කළ ලීටර් 20ක ඉන්ධන දීමනාව මේ ආණ්ඩුව මංගල අයවැයෙන්ම කප්පාදු කළ බවත් එම දීමනාව මෙවර අයවැයෙන් ලබා දීමට කටයුතු නොකළොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම…

2026 දී පළමු ශ්‍රේණියට ඇතුළත්වන සිසුන්ගේ පන්ති ආරම්භය ගැන නිවේදනයක්

2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන /නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ දී…

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධ පෙත්සමකට ලැබුණු තීන්දුව

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම…

IMF 5වන සමාලෝචනයට එකඟත්වය

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ…

බැකෝ සමන්ගේ බිරිඳ ඇතුළු සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13 ක් තහනම් කළ බවට CIDයෙන් අධිකරණයට දැනුම්දීමක්

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13 ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. තහනම්…

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බව රවී සෙනෙවිරත්න පැවසුවා – නිසාම් කාරියප්පර්

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන කුමන්ත්‍රණකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න විසින් හෙළි කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් පවසනවා. පාර්ලිමේන්තු උසස් තනතුරු පිළිබඳ කමිටුව ඉදිරියේ තමන් විසින්…

2025 පළමු මාස 08 තුළ කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන් හැසිරවීම 14% ක වර්ධනයක්

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම 14% කින් වර්ධනය වී තිබෙනවා. 2024 පළමු මාස 08 තුළ ගුවන් මගීන් 5,837,351 දෙනෙකු හසුරුවා ඇති අතර, 2025 වර්ෂයේ පළමු මාස 08 තුළ එම අගය 6,630,728 ක් ලෙසයි සටහන් වන්නේ. …

විමල් වීරවංශ තංගල්ල අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ තංගල්ල අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව, ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලෝක තැපැල් දිනය අදයි – තැපැල්පතිට විරෝධය පා කළුපටි පැලඳී

151 වන ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී  පැවැත්වීමට නියමිතය. ලෝක තැපැල් දිනය මෙම වර්ෂයේ දී සමරනු ලබන…