Month October 2025

යතුරු පැදිය හමුදා කැබ් රියක ගැටී තරුණියක් මරුට

වරකාපොල පොලිස් වසමේ අලව්ව අඹේපුස්ස මාර්ගයේ වාරියගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 17 හැවිරිදි තරුණියක මිය ගිය බව වරකාපොල පොලිසිය පවසනවා. ඊයේ (15) සවස් කාලයේ හමුදා කැබ් රථයක් යතුරු පැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා. අනතුරින් කැබ් රථයේ රියදුරු, යතුරු පැදිකරු,…

මහ බැංකුවේ අනුමැතිය නැති ආයතන සමඟ ගනුදෙනු එපා

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ පවතින ආයතන වෙතින්ම පමණක් මහජනතාව සිය මුල්‍යමය අවශ්‍යතාවන් සපුරා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අන්තර්ජාලය හරහා හෝ ජංගම දුරකථන ඔස්සේ ණය ලබා ගැනීම සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමින් පොලිස් මුලස්ථානය නිකුත්…

රඳවාගත් වාහන කොන්දේසිවලට යටත්ව මුදා හරින්න රේගුව එකඟ වෙයි

මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා රේගුව විසින්…

උසස් පෙළට හිතා මතා දුෂ්කර පාසල්වලට ගිහින් ඉවරයි : අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍ර ලේඛයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (G.C.E. A/L) සිසුන් පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2008/17 චක්‍රලේඛයේ උපදෙස්වලට අමතරව 2025/10/10 සිට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම චක්‍රලේඛය මගින් පහසුකම් සහිත දිස්ත්‍රික්කයක පාසලක සිට දුෂ්කර දිස්ත්‍රික්කයකට අයත් පාසලකට උසස්…

හම්බන්තොට වරායේ කෝටි 14ක බදු පොල්ලක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIPG) හම්බන්තොට මහ නගර සභාවට ගෙවිය යුුතුව තිබූ වරිපනම් බදු රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් ගෙවා නැතැයි හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩී.ඒ ගාමිණී (ස.ජ.බ) පැවසුවා. එය 2017 වසරේ සිට මේ දක්වා වන බදු මුදල් බවද…

සජබය සමඟ සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර ඇත. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ඒජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති…

රන් මිල අහස උසට – කැරට් 24 ලක්ෂ 4ට ළංවෙයි

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්න විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්…

ඉෂාරා ඇතුළු හයදෙනාගෙන් පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරයි

අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හය දෙනාගෙන් මේවන විට පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරමින් සිටී. ඒ අතර ඉෂාරා සෙව්වන්දිගෙන් සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පවතින බව වාර්තා වේ. අපරාධකරුවකුවන…

මාස 3ක් තුළ රියදුරු බලපත්‍ර ලක්ෂ 3ක් නිකුත් කිරීමට සැලසුම්

මේ වනවිට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ නිලධාරීන් පවසයි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක…

අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබේ. මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් සිය ‘X’ ගිණුමේ සටහනක් තබා ඇති ඉන්දීය විදේශ අමාත්‍යවරයා…