Month October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21දා පාර්ලිමේන්තුවට

කාරක සභා අදියරේ සංශෝධන සහිතව, පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වනදා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතව ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (17) මාධ්‍යවෙත නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය. අදාළ මාධ්‍ය නිවේදනය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට…

මහින්දගේ PSO යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…

බොල්ගොඩ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් කොටු

බොල්ගොඩ පාලම ආසන්නයේ හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට වෙඩිප්‍රහාර 21ක් එල්ල කර ඝාතනය කිරිමේ සිදු වීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ මෙම ඝාතනය මෙහෙයවීම සඳහා සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලින් හෙළි…

අද කාලගුණය

අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව,…

රු. ලක්ෂ 12ක අල්ලසක් ගත් කෘෂිකර්ම ලොක්කෙක් අත්අඩංගුවට

රජයේ ඉඩමකින් කොටසක් වගා කටයුතු සිදුකිරීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත. මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම…

පියා සහ දියණිය ගමන්ගත් යතුරුපැදිය පාසල් වෑන් රථයක ගැටී මාරක අනතුරක්

අද (17) උදෑසන 6.30ට පමණ වෙන්නප්පුව අලුත් පාරේ ගොරක ගස් හන්දිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර, යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණියක් හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා මාරවිල…

මහපොළ ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ වෙයි

2024 / 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල සුදුසුකම්ලත් සිසුන්ගේ මහපොළ ශිෂ්‍යයාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙයි. ඒ මෙම මස 31වනදා දක්වායි.

ක්‍රීඩා සංචාරකයන් ඇදගන්න රජයෙන් ක්‍රමෝපායික සැලැස්මක්

ක්‍රීඩා සංචාරකත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (16) උපදෙස් දුන්නේ ය. ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා සම්මේලන කිහිපයක…

ට්‍රම්ප් සහ පුටින් හංගේරියාවේ දී හමුවෙන්න සූදානම්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කළ දුරකථන ඇමතුමකදී “විශාල ප්‍රගතියක්” ඇති වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර, යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා හංගේරියාවේදී මුහුණට මුහුණ හමුව සාකච්ඡා සඳහා එකඟ වූ බව සදහන් කෙරේ. බ්‍රහස්පතින්දා මෙම දුරකථන සංවාදය සිදුව…

තංගල්ලේ මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල දෙහිබාලේ නම් අපරාධකරුගේ බව හෙළිවෙයි

තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔවුන් අවුරුදු 24 ත් 56ත් අතර වයස්වල…