Month October 2025

රන් මිල රුපියල් 5,000 කින් පහළට

මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000 කින් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ පවසනවා. ඒ අනුව, අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 356,000 ක් දක්වා පහළ ගොස්…

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 747 ක් බලපෑමට ලක්වෙයි

පවතින අයහපත් කාලගුණයෙන් මේ වන විට පවුල් 187 කට අයත් පුද්ගලයින් 747 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එසේම, පුද්ගලයින් දෙදෙනෙක් ද මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගොස් ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. නිවාස 152 කට අර්ධ…

ඇමති වසන්ත එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවට සහභාගි වෙයි

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද (20) දින සහභාගී වනවා. ඔක්තෝබර් 20 සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම…

ගංගා ද්‍රෝණි කිහිපයකම ජලමට්ටම් ඉහළට

පසුගිය දිනවල ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයකම ජලමට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. බද්දේගම සහ ගාල්ල ගිං ගඟ ද්‍රෝණිය අවට බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් වර්ෂාව ලැබෙමින් පවතී. එසේම වැඩම වර්ෂාපතනය මිලිමීටර් 172කට ආසන්න ප්‍රමාණයක් බද්දේගමට…

කබ්බෝ ෆෝම් කරන්න එපා කියන පොලීසියම ඒක කරනවා

කබ්බෝ ෆෝම් කරන්න එපා යැයි මාධ්‍ය ආයතනවලට කියන පොලීසියම අපරාධවලට සම්බන්ධ පාතාල නායකයින් මහා බුද්ධිමතුන් හා වීරයින් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පත්කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා. පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය අභ්‍යන්තරයෙන් සිදුකළ යුතු දෙයක් මිස…

අධික වැසි නිසා කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

අධික වැසි සමග කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,…

ව්‍යාපෘති අරඹන්න ගත් ඩොලර් කෝටි 600කට වෙච්ච දෙයක් නෑ

පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට ලබා­ගත් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 8ක මුද­ල­කින් ඩොලර් බිලි­යන 6ක මුද­ල­කට සිදු වූ දෙයක් නොමැති බවත් ඒ මුදල් කවු­රුන් හෝ අත්පත් කර­ගෙන තිබෙන බවත් මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා ප්‍රකාශ කළේය.…

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් හා කාර්යයන් වෙනස් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. ජනාධිපතිවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වන අතර කැබිනට් මණ්ඩලයේ පසුගියදා සිදුවූ සංශෝධනයත්…

මධ්‍යම කදුකරයට ඝණ මීදුම් තත්වයක් නිසා රථවාහන ගමනා ගමනයට බාධා

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (20)  දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත. හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම…

ඍජු විදේශ ආයෝ­ජන 138%කින් වැඩි වෙලා

මේ වසරේ (2025) ජන­වාරි සිට සැප්තැ­ම්බර් දක්වා කාලයේ ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලයේ අනු­මත ව්‍යාපෘ­තීන් හරහා ඍජු විදේශ ආයෝ­ජන ලෙස එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 827ක් ලැබී ඇත. එය පසු­ගිය වසරේ එම කාල­යට සාපේ­ක්ෂව (2024) හා සස­ඳන විට 138%ක වැඩි­වී­මක් බව ශ්‍රී…