Month October 2025

පාර්ලිමේන්තුව අද රෝස පැහැගනී

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග මෙන්ම පෞද්ගලික දත්ත ආරක්ෂණ, සංශෝධන පනත් කෙටුම්පත ද සංශෝධන සහිතව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එමෙන්ම මේ මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සියලු‍ම මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස…

අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන්ට අද සිට ‘ඔන්ලයින්’ පන්ති

නේවාසික පහසුකම් නොමැති අග්නිදිග විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන්ට මාර්ගගතව අද සිට අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ප්‍රකාශ කළා. ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 2022 සහ 2023 අධ්‍යයනය වසරවල සිසුන් 125 දෙනෙකු පමණ නේවාසිකාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන්…

පාතාලයන් ඉන්දියාවට පන්නන මහමොළකරු කිලිනොච්චියේදී කොටු

මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේදීයි. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගිය සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිලිනොච්චිය ප්‍රදේශයට සහ යාපනයට…

ඖෂධ මිල සුත්‍රය සම්මතයි

ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණි.  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් සඳහා ම උපරිම මිල සීමාවක්ද නියම කෙරෙන බවය.  මේ අතර සුවසැරිය ගිලන් රථ සේවයේ නම…

ශ්‍රී ලංකාව සහ බෙලීස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

ශ්‍රී ලංකා රජය සහ බෙලීස් රජය අද (21) සිට ක්‍රියාත්මක වනපරිදි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ. ඊට අදාළ ගිවිසුමට නිව්යෝර්ක් නුවරදී අත්සන් තැබුණි. ඒ, තානාපති සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත  ජයන්ත ජයසූරිය මහතා සහ තානාපති සහ එක්සත් ජාතීන්ගේ…

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් ය. ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම…

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණය රිට් පෙත්සමක් ගොනුකර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය…

පේරාදෙණිය සරසවියෙන් පිරිනැමූ පදක්කමක් ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන “මහාචාර්ය ඊ.ඕ.ඊ පෙරෙයිරා” රන් පදක්කම අදාළ විශ්වවිද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ.එච්. ඒ.ඩී. අබේසේකර වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබීය. එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු…

පානදුර කැරපන් ඇළට මෝටර් රථයක් පෙරළී අනතුරක් සිදුවෙයි

පානදුර – කර්මාන්ත පුර මාර්ගයේදී මෝටර් රථයක් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුර සිදු වන අවස්ථාවේ එහි දෙදෙනෙකු සිට ඇති බවත්, ඔවුන්ට කිසිදු හානියක් සිදු…

සෞඛ්‍ය ආපදා ගැන දැනුම්දීමට GMOA වෙතින් දුරකථන අංකයක් හඳුන්වාදෙයි

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ, වෛද්‍ය ආධාර අවශ්‍ය වී ඇත්නම් දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 0774 506 602 යන දුරකථන අංකය මෙලෙස හඳුන්වා දී ඇති අතර, එය පැය 24…