Month October 2025

සභාපති පුටුව උඩ අවසන් ගමන් ගිය මිදිගම ලසා – හරක් කටා එක්කත් සබඳතා පවත්වලා

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග වැද එහි සභාපතිධූරයට පත්වුණි. එහිදී සභාපති ධුරය දිනාගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණි. මේ වන විට බන්ධනාගාරගතව සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක්…

විමල්ට එරෙහි අල්ලස් නඩුවක් කැඳවීමට දින නියම කෙරේ

අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (22) දින…

ශ්‍රී ලාංකික දිනය පැවැත්වීමට කැබිනට් අනුමැතිය

‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන පැවැත්වීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ජාතීන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව ‘ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල්, ක්‍රම සම්පාදන සහ…

පාසල් සහ පිරිවෙන් සිසුන් සඳහා පාවහන් වවුචර්පත් ලබාදීමට කැබිනට් අනුමැතිය

2026 වර්ෂය සඳහා, තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබාගැනීම සඳහා වන වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම වවුචර්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන…

මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නව නීති ගෙන ඒමට පියවර

මුහුදේ සිදුවන අන්තරායදායක ඖෂධ වර්ග ප්‍රවාහනය කිරීම සහ අනෙකුත් ආනුෂංගික සංශෝධන හඳුන්වා දෙමින්, 1929 අංක 17 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහාත්, මහ මුහුදේදී ඕනෑම පුද්ගලයෙකු විසින් සිදු කරන ලද වැරදි සඳහා අධිචෝදනා…

LPL තරගාවලිය මෙම වසරේ නොපැවැත්වෙන බව නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. 2026 වසරේ පෙබරවාරි-මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC…

වැලිගම සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අද (22) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබුණා. එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි ‘එසැණ’ සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්…

රන් මිල රු 20,000කින් පහළට

මෙරට රන් මිල පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව රු 60,000කින් පහළ ගොස් ඇති අතර, අද (22) දී පමණක් රන් මිල රු 20,000කින් පහළ ගොස් ඇත. ඒ අනුව අද (22) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 322,000ක්…

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක් අඳුරේ

රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවය. යුක්‍රේනයේ චර්නිහිව් නගරය සම්පූර්ණයෙන්ම විදුලි බලය නොමැති වීම හේතුවෙන්…

ට්‍රම්ප්-පුටින් හමුව කල්යයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, එම හමුව “කාලය නාස්ති කිරීමක්” නොවන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පවසමින්. ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ,…