Month October 2025

ආරක්ෂක ගැටලු සාකච්ඡා කිරීමට පොලිස්පති පාර්ලිමේන්තුවේ

විපක්ෂයේ ඉල්ලීම පරිදි, රටේ මතුව ඇති ආරක්ෂක ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා අද (31) පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත…

හීටරයෙන් විදුලි සැර වැදී කාන්තාවක් මරුට

බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ විදුලි සැර වැදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. විදුලි හීටරයක් ස්පර්ශ වී ඇය මෙලෙස මියගොස් ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක්…

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේ දී එකතු කරන ලද බදු ආදායම ඊයේ (30) සවස වන විට රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්ම වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි. මේ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය…

හිටපු ජනාධිපතිවරු, මැති ඇමැතිවරු 34ක් නිල නිවාස නැවත භාර දීලා

පෙර ආණ්ඩුව සමයේදී හිටපු ජනාධිපතිවරු, මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයන් විසින් නිල නිවෙස් ලෙස භාවිත කරන ලද රජයේ නිවාස 34ක් මේ වන විට නැවත රජයට භාර දී තිබේ. කොළඹ 7 ප්‍රදේශයේ නිවාස 21ක් සහ කොළඹ 5 ප්‍රදේශයේ නිවාස 13ක් මේ අනුව…

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය අද

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ “වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය” මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31)  හොරණ ශ්‍රීපාලි මණ්ඩප අරුන්දති ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වේ. “පශ්චාත් ගෝලීය යුගයේ කලා හා මාධ්‍යවල පරිවර්තනක්” මැයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ…

පෝලන්තයේ Enter Air අද සිට කොළඹට

පෝලන්තයේ එන්ටර් එයාර් ගුවන් සේවය (Enter Air) ශීත සෘතුව වෙනුවෙන් අද (31) සිට කොළඹට ගුවන් සේවා දියත් කෙරේ. පෝලන්ත වරලත් ගුවන් සේවයක් වන එන්ටර් එයාර්, අද සිට වෝර්සෝ සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර නිතිපතා වරලත් ගුවන් ගමන් ආරම්භ කිරීමට…

හෙට සිට ශ්‍රී ලංකාව පුරා නොමිලේ ෂොපින් බෑග් තහනම්

පරිසරය සුරැකීමේ අරමුණින් ගනු ලැබූ තවත් වැදගත් තීරණයක් හෙට (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව, වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. පසුගිය ඔක්තෝබර්…

යාපනය විශ්වවිද්‍යාල භූමියෙන් තුවක්කු කොටස් සොයා ගැනේ

යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ මුදුනේ තිබී තුවක්කු කොටස් දෙකක් සහ වයර් (තුවක්කුවට උණ්ඩ පටවන කොටස) සොයා ගෙන ඇත. ඊයේ (30)  ප්‍රදේශය පිරිසිදු කිරීමේදී මෙම භාණ්ඩ සොයා ගෙන ඇති අතර මේ පිළිබඳව කෝපායි පොලිසියට දැනුම් දී තිබෙයි. කෝපායි පොලීසිය මේ පිළිබඳ…

ඇන්ඩෲ කුමරුගේ කුමාර පදවිය අහිමි කිරීමට චාල්ස් රජු නියෝග කරයි

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් තම බාල සොහොයුරා වන ඇන්ඩෘ කුමරු එම රජ පවුලෙන් ඉවත් කර තිබෙනවා. ලිංගික ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු හා සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඔහු බ්‍රිතාන්‍යය රාජකීයයන් වෙසෙන ‘වින්ඩ්සර්’ මාලිගයෙන් ද නෙරපා හැරීමට…

සුරාබදු නිලධාරීන් 05 ක් CID අත්අඩංගුවට

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රන් භාණ්ඩ වෙළෙඳසැල් දෙකකින් රුපියල් 102,000,000 ක් කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මඟින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන…