Month October 2025

කලවාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි…

වෙළෙඳ අමාත්‍යවරයා ත්‍රිපෝෂ සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වී තිබෙනවා. එහිදී කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගම පිළිබඳව හඳුන්වා…

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

රිමාන්ඩ් භාරයට පත් කර සිටි ‘බැකෝ සමන්’ නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නැමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (31) කැඳවූ අවස්ථාවේදී සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ…

වැල්ලවාය මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කෙරේ

ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කර තිබෙනවා. එම මහේස්ත්‍රාත්වරයාගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳව පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිලි සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. එම පැමිණිල්ල අනුව, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්…

STC හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා ඇප මත මුදා හරියි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු…

මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොමුකර ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මෙම…

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චිට ඇප

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැක පිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…

අභාවප්‍රාප්ත තායිලන්ත රැජිනියට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත තායිලන්තයේ රැජිනිය වූ Sirikit රැජිනිය වෙත අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (30) කටයුතු කර තිබෙනවා. ඒ කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලට⁣ පැමිණීමෙන් අනතුරුවයි. එහි තිබූ ඇයගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා.

චීනයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සංගම් නියෝජිතයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට දායකත්වය දැක්වීම ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. චීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන ”‍ සේද…