Month September 2025

අල්ලස් කොමිසමේ වැටුප් වැඩි කරන ලෙසට  ඉල්ලීමක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප අභියානාධිකරණ සභාපති විනිසුරුවරයාගේ වැටුපට සමාන කරන ලෙසට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කළ බව මුදල් කාරක සභාවේ සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරනවා. ඔහු පෙන්වා…

Gov Pay හරහා ගෙවීම් කරන්න ආයතන 150ක් එක් වෙයි

මේ වන විට Gov Pay හරහා ගෙවීම් කිරීමට ආයතන 150ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව Gov Pay හරහා කරන ලද ගෙවීම්වලින් ලැබූ මුළු අදායම මිලියන 300 ඉක්මවා ඇති බව දත්ත පෙන්වා දෙයි. දැනට ගනුදෙනු…

දිස්ත්‍රික්ක 09කට නායයෑම් අනතුරු

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙයි එම සංවිධානය දැනුම්දී ඇත්තේ අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් සහ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසයි. ඒ අනුව කොළඹ,…

සැප්තැම්බරයේ පළමු දින 24 තුළ සංචාරකයින් 126,379 ක් දිවයිනට

2025 සැප්තැම්බර් මාසයේ පළමු දින 24 තුළ දී 126,379 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී තිබෙයි. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 37,179 කි.…

ජනපති ජපානයට ළඟා වෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා (Akio ISOMATA), ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති…

වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීමක් අධීකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

‘නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට්’ නම් ආයතනයට අයත් දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දී, වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කොට, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ…

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී අද ආරම්භ වුණා. විසි හයවැනි වරට පැවැත්වෙන මෙවර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ…

ජනපති අනුර ට්‍රම්ප් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 වැනිදා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර…

කෝප් කමිටුවේ තීරණවලට නෛතික බලයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කෙරේ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව, මෙම කාරක සභාවට…

වෑවිට අනතුරකින් 12 කට තුවාල

බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී ලොරියක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලබා ඇති පිරිස අතර නර්තන කණ්ඩායමක සාමාජිකයන් දස දෙනෙකු සහ එකම පවුලේ මවක් සහ දුවක් වන බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත්…