Month September 2025

ආසියානු කුසලාන අවසන් මහා තරඟය අදයි

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.  මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ඩුබායි හිදී ආරම්භ වේ.

ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි 

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය. සිය තෙදින ජපාන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ (27) දිනයේදී ජපානයට පැමිණි අතර එහිදී  ශ්‍රී…

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් තුවාල ලබා සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ. උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත. ඒ අනුව මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව…

ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ

විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ. චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති මෙම ප්‍රධාන පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම…

එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කෙරේ

නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමේ අරමුණක් ලෙස, එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කිරීමට නියමිතව තිබේ. නව ඩිජිටල් හැඳුනුම්පත් යෝජනා ක්‍රමය මඟින් එක්සත් රාජධානියේ නීතිවිරෝධී ලෙස සේවය කිරීම දුෂ්කර වන අතර එමගින් පුරවැසියන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය කියර්…

බඩ ඉරිඟු බලපත්‍ර නොමැතිව ත්‍රිපෝෂ නවතී

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය බඩඉරිඟු‍ ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද ආනයන බලපත්‍ර නිකුත් නොකිරීම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වී ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක පවසනවා. ඒ අනුව ආනයන බලපත්‍රයේ ඇතිවූ ගැටලු‍ව සම්බන්ධයෙන්ද කැබිනට්…

වංචා දූෂණවලට එරෙහිව කෙළින්ම නඩු පවරන්න කෝප් කමිටුවට බලතල!

වංචාවක් හෝ දූෂණයක් සිදුවී ඇති බවට තහවුරු වන වාර්තා තවදුරටත් විමර්ශනය කොට නඩු පැවරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ බලතල (කෝප් කමිටුවේ) වැඩි කිරීමට තීරණය කළ බවත් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට පසුගිය සිකුරාදා (28) ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තුවේ…

ගණේමුල්ල ලක්ෂ 60 කොල්ලයට සැක දෙදෙනෙකු කොටුවෙයි

පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අදාළ විමර්ශනයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (27) කිරිබත්ගොඩ ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ගණේමුල්ල ප්‍රදේශයේදී ඉකුත් (20)…

දුම්රියේ ගැටී දරුවෙක් ජීවිතක්ෂයට

රඹුක්කන, තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටුණු දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී පිරිමි දරුවෙකු මෙසේ මිය ගොස් ඇති බවයි රඹුක්කන පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ මැදගම ප්‍රදේශයේ…

රත්ගමදී මාරක රිය අනතුරක්

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර ඊයේ (27) සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. එහිදී…