Month September 2025

බො‍රැල්ල ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්

බො‍රැල්ල පොලිස් වසමේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, බොරැල්ල දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ පළමු සහ දෙවන මං තීරු අද (01) රාත්‍රි 7.00 සිට වසා තැබෙන බවයි…

සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ

මාසික මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ඒ අනුව, මේ වන විට වෙළඳපොළ තුළ පවතින මිල ගණන් අනුව ගෑස් අලෙවිය සිදුවන බවයි එම සමාගම සඳහන් කළේ. මේ වන විට…

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක්

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, අද (01) දින සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඔහු මෙම පෙත්සම ඉදිරිපත්…

ආනන්ද විජේපාල ඇමතිවරයාට අපහාස වන පරිදි සකස් කළ ඡායාරූප හා ප්‍රවෘත්ති ගැන විමර්ශනයක් – පොලිසිය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාලට අපහාස වන පරිදි ව්‍යාජ ප්‍රවෘත්ති සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉන්දුනීසියාවේ සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන…

පාර්ලිමේන්තුවේ ආහාරවල සෞඛ්‍යාරක්ෂිතභාවය ඉහළ නැංවීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේ ආහාරවල සෞඛ්‍යාරක්ෂිතභාවය වැඩි කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. කථානායකවරයාගේ ඉල්ලීම පරිදි, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාර පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය හෙටයි

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය මුල් කර ගනිමින් 1951 සැප්තැම්බර් 2 වැනිදා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට (02) සිය 74 වැනි සංවත්සරය සමරනු ලබනවා. ඒ අනුව, එහි…

රෝහලින් පිටව ගිය හිටපු ජනපති රනිල්ගෙන් පළමුවරට ප්‍රකාශයක්

අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රොහල්ගතවූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුද කර තිබේ. අද (01) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට…

විමල් වීරවංශට එරෙහි නඩුවක් නොවැම්බර් 10 වැනිදාට කල් තබයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ පැමිණිල්ල අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ…

රට විරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගත වී සිටින ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අතදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී ශිෂ්‍යත්වලාභීන් 1628 දෙනෙකුට රුපියල් මිලියන 50.88ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි. මෙම වැඩසටහනේ…

බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ජාතික ප්‍රවාහන කොමිසම

ඉන්ධන මිල සංශෝධනය වුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. සැප්තැම්බර් මාසයට අදාළව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වූ අතර, එහිදී සුදු ඩීසල්…