Month September 2025

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේදී

2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ. මෙම වසරට අදාළ…

නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද (03) පෙරවරුවේ විවෘත කර තිබෙනවා. ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් ද, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් ද එය විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ. හමුදා උත්තමාචාර පැවැත්වීමෙන් පසු,…

පුහුල්ගල කඳු රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව, පුහුල්ගල කඳු රක්ෂිතයේ ඊයේ හටගත් ගින්නකින් අක්කර දහයකට වඩා විනාශ වී ඇති බව සඳහන් වෙනවා. ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් රක්ෂිතය පුරා පැතිරී ගොස් ඇති බවයි වාර්තා…

මාළිගාවත්තේ වෙඩි තැබීමක්

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේ දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. ව්‍යාපාරික ස්ථානයක සිටි තරුණයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු…

තවත් වැව් 15 ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ සිට

තවත් වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, Clean Sri Lanka ලේකම් කාර්යාලය හා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වන විට නුවර…

ෂී ජිංපින් එක්සත් ජනපදයට එරෙහි කුමන්ත්‍රණයක බව ට්‍රම්ප් කියයි

චීනයේ 80 වන විජයග්‍රාහී සැමරුමට සහභාගී වූ චීන ජනපති, ෂී ජිංපින් එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුකරන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ. එම විජයග්‍රාහී සැමරුම පැවැත්වෙන අතරතුර ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර…

මාරක අනතුරු වැලක් – ජීවිත 06ක් අහිමිවෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 06කින් අවුරුදු 08 කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (02) එම අනතුරු සිදුව තිබුණේ පොල්ගහවෙල, රත්නපුර, කටුනායක, එරාවුර්, කුලියාපිටිය සහ හලාවත පොලිස් වසම්වලින්ය. කුලියාපිටිය – හෙටිටිපොළ මාර්ගයේ, ගොමුගමුව මංසන්දිය ආසන්නයේදී හෙට්ටිපොළ දෙස…

ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

‍ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් මහත්මිය අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 5වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවය. මෙම සංචාරය අතරතුරදී…

පොලිසියට අවුරුදු 159යි

159 වන පොලිස් දින සැමරුම අදට යෙදී තිබෙනවා. නීතිය සුරකිමු සාමය අගයමු යන තේමාවෙනුයි මෙවර පොලිස් දිනය සැමරෙන්නේ. 1866 වසරේ සැප්තැම්බර් මස 03 වනදා ව්‍යස්ථාපිතව පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුණා. 159 වන පොලිස් දිනය වෙනුවෙන් අද පස්වරුවේ තිඹිරිගස්යායා පොලිස් ක්‍රීඩාංගණයේදී ජනාධිපති…

අද සවස හයිලෙවල් මාර්ගයේ කොටසකට බර වාහන ඇතුළු කිරීම සීමා කෙරේ

අද පස්වරු 2 සිට 7 දක්වා තුන්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය දක්වා හයිලෙවල් මාර්ගයට බර වාහන ඇතුළු කිරීම සීමා කර තිබෙනවා. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවත්සර සැමරුම හේතුවෙනුයි මෙසේ සීමා කර ඇත්තේ.