Month September 2025

අනතුරට පත් බස් රථය ගොඩ ගැනීම ආරම්භ කෙරේ

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ අනතුරට පත් බස් රථය ගොඩ ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව, යුද හමුදා කණ්ඩායම්වල මැදිහත්වීමෙන් එම මෙහෙයුම ක්‍රියාත්මක වන බව සඳහන්. අනතුරට පත් බස් රථය සහ බස් රථයේ ගමන්ගත් මගීන්ගේ…

බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනතුරක්: 16කට තුවාල. 15ක් මිය යයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 15 වන කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී මීට මොහොතකට පෙර බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා…

රත්නපුර රෝහලේ වැඩ වර්ජනය අත්හිටුවයි

රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.  රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව රත්නපුර ශික්ෂණ රෝහලේ  දින 03ක් පැවති වෛද්‍ය වැඩ…

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහි නඩුව තාවකාලිකව අත්හිටුවයි

2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.…

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම…

Online සේවාවල වැට් බද්ද ලබන අවුරුද්දට කල් යයි

නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සේවා සැපයීම සඳහා එකතු කළ අගය මත බද්ද බලාත්මක කිරීමේ දිනය සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා. 2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් 2025-10-01 දින සිට බල පැවැත්වෙන පරිදි…

මහවෙල සහ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාල සඳහා මුල්ගල තැබීම 7වැනිදා

මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාල ගොඩනැගිලි සඳහා මුල්ගල තැබීම මෙම මස 07 වන ඉරිදා පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මහවෙල…

හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහි නඩුව සැප්තැම්බර් 23 වැනිදා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (04) නියම කළා. නඩුව කොළඹ මහාධිකරණ විනිසුර සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන්…

මහින්දානන්ද සහ නලින්ට එරෙහි නඩුව ඔක්තෝබර් 10 යළි කැඳවයි

පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා…

පොලිස්පති මහජන දිනය හෙට නෑ

පොලිස්පති මහජන දිනය හෙට(5) සිකුරාදා නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි. නබි නායකතුමාගේ උපන් දිනය හෙට 5 සිකුරාදාට යෙදීම හේතුවෙන් රජයේ නිවාඩු දිනයක් බැවින් මහජන දිනය නොපැවැත්වෙන බවද පොලිස් මූලස්ථානය කියයි.