Month September 2025

ඇල්ලේ බිහිසුණු බස් අනතුර සම්බන්ධයෙන් විපක්ෂනායකවරයාගේ ශෝකය

ඇල්ල ප්‍රදේශයේ ඊයේ (04) සිදු වූ මාරක රිය අනතුර පිළිබඳ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිය ශෝකය පළකරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සියලු ම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය…

කොළඹ ජල කප්පාදුව අවලංගු කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (6) පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ප්‍රදේශ රැසකට අද වැසි

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ජනපතිගේ පණිවිඩය

සමාජයේ ඇති නැති පරතරය සහ දුරස් බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, වත්මනෙහි අප හමුවේ ඇති සමාජමය අභියෝග ජය ගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බව…

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ පණිවිඩය

සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය, පීඩිත ජනයා කෙරෙහි දක්වන කරුණාව සහ පාලකයන්ගේ වගවීම පිළිබඳ මුහම්මද් නබි නායකතුමන්ගේ ඉගැන්වීම්, වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා අදාළවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරනවා. ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි…

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දේශපාලන සාකච්ඡා සාර්ථකයි

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්‍රිපොඩිගේ සම සභාපතිත්වයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පැවති දේශපාලන උපදේශනවල පළමු වටය අද (4) සාර්ථකව අවසන් වුනා. උපදේශන ආරම්භ කිරීමට…

පද්මේගේ නුවරඑළිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය වටලයි

කෙහෙල්බද්දර පද්මේ විසින් මුදල් ආයෝජනය කර නුවරඑළියේ පවත්වාගෙන ගියේ යැයි හෙළිවී ඇති අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ ස්ථානය හඳුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව ඇත. මෙම ස්ථානයේ පාකිස්තානුවන් දෙදෙනකුද අයිස් නිෂ්පාදනයේ යෙදී සිට ඇති බව අනාවරණය වී ඇත. කුලියට ගත්…

පාතාලයන් අල්ලද්දී නාමල්ලා බය වෙන්නෙ ඇයි?

පාතාලයන් අත්අඩංගුවට ගැනීමේදී නාමල් රාජපක්ෂලා ඇතුළු විපක්ෂය බියට පත්ව තිබෙන්නේ කුමක් නිසාදැයි රටම දන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. තමන්ගේ අතේ වරදක් නැති කිසි කෙනෙක් බිය විය යුතු නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. “නාමල් රාජපක්ෂලා…

ඇල්ල අනතුර සම්බන්ධයෙන් ජිප් රථ රියදුරු අත්අඩංගුවට

පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස්  අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී…

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙ.ව 10.30 සිට ප.ව 07.30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවයි. කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස…