Month September 2025

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේ රථවාහන තදබදයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම පිවිසුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ සති අන්තයේ යෙදුන නිවාඩුවත් සමග මෙලෙස තදබදයක් නිර්මාණය වී ඇති බවයි.

දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන් 86 ක් සීමාවාසික පුහුණුවට…

දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) පෙ.ව. 9.30 ට කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු…

අද රාත්‍රියේදී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට විරල අවස්ථාවක්

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පියවි ඇසින් දැකගැනීමේ විරල අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට තවත් පැය කිහිපයකින් උදාවනවා. ඒ අනුව රාත්‍රී 9.57 සිට හෙට අලු‍යම 1.26 දක්වා එම චන්ද්‍රග්‍රහණය සිදුවන අතර, එහි ග්‍රහණ මධ්‍යය හෙවත් නැරඹීමේ හොදම වෙලාව, රාත්‍රී 11.42 බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ…

ත්‍යාග ලබාදෙන බව පවසා සංසරණය වන ස්කෑම් පණිවුඩයක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක් !

ශ්‍රී ලංකාවේ බැංකුවක් මඟින් ත්‍යාග ලබාදෙන බව සඳහන් කරමින් වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව පොලීසිය අවධාරණය කරයි. එමඟින් පරිශීලකයාගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවලට අනිෂ්ඨ මෘදුකාංග (Malware) ඇතුළත්…

ශ්‍රී ලංකාවට ලකුණු 192ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අද (07) පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් වූහ. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම රැස්…

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වීමට විජිත හේරත් දිවයිනෙන් පිටත්ව යයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජිනීවා බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව, හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසියට සහභාගී වීම සඳහා ඔහු පිටත්ව ගොස් ඇති බව සඳහන්. මෙම සංචාරය අතරතුර…

රුපියල් කෝටි 20ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසල අතහැර දමා තිබූ ගමන් මල්ලක තිබී ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව, මෙම ගමන් මල්ල තුළ කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 900ක් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය, පැකට් 19ක් ලෙස සකස් කර සඟවා ගෙනවිත්…

ගාසා යුද්ධය අවසන් කරන ලෙසට ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඊශ්‍රායල ජාතිකයින්ගෙන් විරෝධතාවක්

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හී දැවැන්ත විරෝධතාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා…

මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (06) මෙම අනතුරු සිදුව තිබුණේ මරදන්කඩවල, වෙල්ලාවලි, කඩවත සහ පුදුකුඩිඉරිප්පු පොලිස් වසම්වලදීය. මරදන්කඩවල පොලිස් වසමේ ඒ 11 මාර්ගයේ තවලන්හල්මිල්ලෑව හන්දියේදී මෝටර් රථයක් එම දිශාවටම පා පැදියක…

බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම පොහොය දිනය සැලකේ. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු…