Month September 2025

අද කාලගුණ නිවේදනය

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසු…

‍අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිත වාහනවලට හෙට සිට නීතිය දැඩි කෙරේ

අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිතව ධාවනය වන වාහනවලට එරෙහිව රජය හෙට (08) සිට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ අනුව ධාවනයට නුසුදුසු තත්ව් තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරිම, විවිධ…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (07) පස්වරු 03.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර…

පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අද (7) අවසර ලබා දී තිබේ. ඔහු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අතර, එහිදී දින…

ඇල්ල බස් අනතුරින් දිවි අහිමි වූවන්ට විපක්ෂ නායක සජිත් අවසන් ගෞරව දක්වයි

පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ දරුණු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තංගල්ල ප්‍රදේශයේ පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) එක් වුණා. එක්දින විනෝද චාරිකාවක් සඳහා ගොස් නැවත සිය නිවෙස් බලා පැමිණෙමින් සිටි බස් රථයක්…

හැට හය හැවිරිදි පුද්ගලයකු පහරදී ඝාතනය කරලා

හොරණ පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී 66 හැවිරිදි පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය පවසනවා. එම පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටිය දී ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වී තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ…

කෝටි තුනක මැණික් ඉස්සූ සැකකරු කොටුවෙයි

බේරුවල චීන කොටුව මැණික් වෙන්දේසි පොළෙහි මැණික් ගනුදෙනු කළ චීන ජාතික කාන්තාවකට සහ ඇගේ හවුල්කරුවාට අයත් රුපියල් කෝටි තුනක් වටිනා මැණික් තොගයක් එම නිවසට පැන සොරකම් කළ සැකකරුවෙකු සෙනසුරාදා රාත්‍රියේ අත්අඩංගුවටගත් බවයි බේරුවල පොලීසිය සඳහන් කරන්නේ. බේරුවල, හෙට්ටිමුල්ල මල්ලබොක්ක පාරේ…

අය වැයෙන් ගුරුවරුන්ගේ දුෂ්කර දීමනා වැඩි නොකළොත් අරගල කරනවා – ජෝෂප් ස්ටාලින්

මෙවර අය වැයෙන් ගුරුවරුන්ගේ දුෂ්කර දීමානාව රුපියල් 15000 දක්වා වැඩි නොකළොත් වෘත්තීය අරගලයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොෂප් ස්ටාලින් පවසයි. හෙතෙම පවසන්නේ ලංකාවේ දැනට දුෂ්කර යැයි හඳුනාගත් පාසල් සංඛ්‍යාවටත් වඩා දුෂ්කර පාසල් සංඛ්‍යාවක් ඇති බවත් එම…

2025 යුරෝෆෝමියුලා විවෘත තරගාවලියේ 6වන වටයේ 2වන තරගය යෙවන් ඩේවිඩ් ජයගනී

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ඔස්ට්‍රියාවේ පැවති 2025 යුරෝෆෝමියුලා විවෘත තරගාවලියේ 6 වන වටයේ 2 වන තරඟය ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු මේ වනවිට රියදුරු ශූරතාවලියේ 3වන ස්ථානයේ පසුවෙනවා. යෙවාන් ඩේවිඩ් එම ලැයිස්තුවේ පළමුවැන්නාට වඩා ලකුණු 15ක් පසුපසින් සිටිනවා.

මහියංගනයේ ලංගම බස් දෙකකට ප්‍රහාරයක්: සේවකයින් දෙදෙනෙක් රෝහලේ

මහියංගනය ඇසළ පෙරහැර විශේෂ ප්‍රවාහන සේවා සඳහා යොදවා තිබූ ලංගම බස් රථ දෙකකට පහරදී ඇතැයි පොලිසිය පවසනවා. හසලක, උඩදුම්බර ඩිපෝවේ බස් රථ දෙකකට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ලංගම සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. ප්‍රහාරයෙන් බස් රථ දෙකට දැඩි අලාභහානි සිදුව…