Month September 2025

බිත්තර හිඟයක් ගැන ඉඟියක්

එක් පසෙකින් සත්ව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යද්දී තවත් පසෙකින් බිත්තර මිල පහළ යෑම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් පවා ඇතිවිය හැකි බව ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ඩී. ආර්. අලහකෝන් පවසනවා. ආහාර ද්‍රව්‍ය මිල සහ බිත්තර මිල අතර සබඳතාවක් නිර්මාණය…

ඇල්ලේ ජීවිත වලට පණ දුන් බදුල්ල රෝහලට ලක්ෂ දහ අටක තෑග්ගක්

අනතුරට ලක්වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට බදුල්ල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිදුකළ මෙහෙයට මෙහෙය අගයමින් ඊයේ (07)  දින මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු පැමිණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට රුපියල් මිලියන 1.8ක් පමණ වටිනාකමින් යුතු දැඩි සත්කාර ඇඳක් පරිත්‍යාග කළ බව බදුල්ල රෝහලේ…

දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. මෙම පෙත්සම් අද (08) අගවිනිසුරු…

රුසියාවේ පිළිකා එන්නත අති සාර්ථකයි – භාවිතයට ගැනීමටත් සූදානම්

පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක බවත් එය භාවිතයට සූදානම් බවත් රුසියාව සදහන් කර ඇත. මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීම නිසා දැන් මෙය ප්‍රතිකාර සඳහා යොදාගැනීමට හැකි වන සදහන්…

මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනයට සිදුකරන ඕනෑම බාහිර මැදිහත්වීමක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා – විජිත හේරත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වලදී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත ඕනෑම ආකාරයක බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, අද (08) පස්වරුවේදී එක්සත් ජාතීන්ගේ…

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 22 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව, ඔහුට අදාළ නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී, ඉදිරි නඩු දිනයේදී විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ…

හරක් කටා නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇති බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව…

වැල්ලවාය ප්‍රදේශයේදී අනතුරක්

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ, යාලබෝව ලංගම ඩිපෝව ඉදිරිපිටදී, ලොරි රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව, අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙක් තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ලොරි රථයක දුනු…

නිමල් ලංසාට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ අනුව, අද (08) ඔහු මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ. 2006 වසරේදී…

කැලණිවැලි මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක්, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන්, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දක්වා පමණක් සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.