Month September 2025

මාරක අනතුරු කිහිපයක් – පොලිස් නිලධාරියෙක් ඇතුළු 6ක් මරුට

ජාඇල මිනුවන්ගොඩ මාර්ගයේ මොන්ටා හන්දිය අසලදී ජාඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස්…

කඩුවෙල පාලම යටින් නරක් වූ නිරුවත් මළ සිරුරක් හමුවෙයි

කැලණි ගඟේ කඩුවෙල පාලම යට තිබී නරක් වූ නිරුවත් මළ සිරුරක් සොයා ගෙන ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා. මෙම මළ සිරුර දින හතරකට පමණ පෙර මිය ගොස් ඇති බවට සැක කෙරෙන අතර, දේහය සොයාගන්නා විටදීත් ඉදිමී තිබූ බව‍යි පොලිසිය සඳහන්…

“මෙවර අයවැයෙන් බදු පැනවීමක් නැහැ”: ජනපති ජපානයේ දී කියයි

ඒ අනුව, එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් සඳහන් කළා. ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් මේ…

කොළඹ වරාය නගරය ගැන ගැසට් නිවේදනයක්

කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන ව්‍යාපාර සඳහා ලබා දී ඇති බදු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම්වල කාලසීමාව සහ විෂය පථය අඩු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශවලට අනුකූලව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ගැසට්…

වෙඩි තැබීමකින් 04ක් මරුට

අමෙරිකාවේ මිචිගන්හි මෝමන් දේවස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් සහ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලැබුවා. තෝමස් ජේකබ් සැන්ෆර්ඩ් ලෙස හදුන්වන 40 හැවිරිදි වෙඩික්කරු මෝටර් රථයක් දේවස්ථානය තුළට පදවා එහි ඉදිරිපස දොරටුවේ එය ගැටීමට සලස්වා තිබෙනවා. පසුව දේවස්ථානය…

හෙරොයින් සහ ජීව පතරොම් 458 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, T-56 පතරොම් ගැබක් හා තවත් භාණ්ඩ සමඟ එක් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී, හෙරොයින් ග්‍රෑම් 75 යි මිලිග්‍රෑම් 400 ක්, ව්‍යාජ ලෙස සකස් කළ වාහන අංක තහඩු…

ආයතන 457 ක නියෝජිතයින් කෝප් කමිටුව හමුවට කැඳවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අයත් වන සියලු ආයතනවල නියෝජිතයන් හමුවට කැඳවීමක් සිදුකර තිබෙනවා. ලබන ඔක්තෝබර් මස 2 වැනි දින මෙම කැඳවීම සිදුකර ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළා. කෝප් කමිටුවේ කාර්යභාරය සහ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි…

Asia Cup Final: ආසියානු කුසලානය ඉන්දියාවට

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගය කඩුලු 5 කින් ජය ගනිමින් ආසියානු කුසලානයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර, කූඨ ලේඛන යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 06 කට අධික වටිනාකමකින් යුත් ජීප් රථ 03 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා…