Month September 2025

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 18 ක ලාභයක් ලබා තිබේ. එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, එම ලාභයෙන් ඛනිජ තෙල් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ බවයි. ඒ යටතේ…

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

2025 වර්ෂයේ සිට පාසල්වල 02 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (05 සහ 06 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේඛයට අනුව, 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි…

සිරගතව සිටින පාතාල සාමාජිකයන් 556 ක් අධීක්ෂණය කරනවා – මහජන ආරක්ෂක ඇමති

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් 556 දෙනෙකු අධීක්ෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, පොලීසිය සහ බුද්ධි අංශ විසින් එම අධීක්ෂණ ක්‍රියාවලිය මෙහෙයවන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම, මේ…

රතන හිමි අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (12) යළි අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව, උන්වහන්සේට එරෙහි නඩුව අද යළි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා…

සුජීව සේනසිංහ විසින් යැවූ ලිපියක්, අත් වැරදීමකින් බව පවසමින් ඉල්ලා අස්කර ගනියි

ශ්‍රී ලංකා – ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් පිහිටුවීමට උත්සාහ කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් පසුව එය අත් වැරදීමක් බව සඳහන් කර නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, අදාළ ලිපිය ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන ඇති බවත්,…

රුපියල් 10,000 ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත, අම්පාර කොට්ඨාසයේ, කාර්තිවු පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ආදායම් බලපත්‍රයකට නඩු නොපවරා, යළි ලබා දීමට අදාළව පොලිස්…

සැප්තැම්බර් මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට

2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, රුපියල් බිලියන 11 කට අධික මුදලක් ප්‍රතිලාභී පවුල් ලක්ෂ 14 ක බැංකු ගිණුම් වෙත බැර කරන බවයි…

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිට වසර 27 ක සිර දඬුවමක්

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 යි මාස තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (12) දිනයේත් රැස්වීමට නියමිතයි. ඒ අනුව, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත අතර, පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙරවරු 10.00…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…