Month September 2025

2026 සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට

2026 වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග නියමිත කාලයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය සමඟ මෙරට පාසල් වාර සහ විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් කර තිබූ අතර, 2026 සිට එය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා.…

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය හෙට ඇරඹේ

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හෙට (15) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන්. මෙම බස් නැවතුම්පොළ වසර 60කට පසුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වන අතර,…

බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ගින්නක්

බලංගොඩ, බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ඊයේ (14) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න තවදුරටත් පැතිර යමින් ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශය පුරා පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

රුසියානු එරෝෆ්ලොට් ඔක්තෝබර් සිට යළි කොළඹට

රුසියානු එරෝෆ්ලොට් ගුවන්සේවය එළඹෙන ඔක්තෝබර් 04 වැනිදා සිට කොළඹ දක්වා යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. සතියකට තෙවරක් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට සමගාමීව එරොෆ්ලොට් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ කිරීමට සූදානමින්…

නේපාලයේ ඇඳිරි නීතිය ඉවතට

සමාජ මාධ්‍ය සදහා සීමා පැනවීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක වීමත් සමග එරට තුළ ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය දින 05 කට පසු ඉවත් කිරීමට අද (13) පියවර ගැණුනා. ඒ අනුව, කත්මණ්ඩු අගනුවර ඇතුලු ප්‍රදේශවල වෙළෙඳසැල්, සාප්පු…

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලදී ඊයේ (12) දිනයේ දී පමණක් වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට ගෙන තිබේ. පරීක්ෂා කිරීම්වලදී සැකපිට පුද්ගලයින් 639ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 17ක්, වරෙන්තුකරුවන් 232ක් සහ විවෘත වරෙන්තුකරුවන් 152 දෙනෙකු…

සම්බා සහ කීරි සම්බා උපරිම සිල්ලර මිල ඉවත් කරන්නැයි ඉල්ලීමක්

සම්බා සහ කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල වහාම ඉවත් කරන ලෙස එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. පොළොන්නරුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර…

බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචියත් ඔන්ලයින්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024/25 මහා කන්නය සහ 2025 යල කන්නය සඳහා බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අපේක්ෂාව වී තිබෙන්නේ අදාළ වගා කන්නයන්හි බඩ ඉරිඟු වගාවන්ගේ තත්ත්වය පිළිබඳ නිවැරදි දත්ත එක්රැස් කිරීමයි. මෙම ලියාපදිංචි කිරීම…

උණ්ඩ තියාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

T- 56 වර්ගයේ ජීව උණ්ඩ 5ක් , 9MM වර්ගයේ උණ්ඩයක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරුවකුවන් දෙදෙනකු පොලිසිය ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිහිගහතැන්න ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අවුරුදු පනස්තුනක් වයස ඇති ජයසිංහ නමැත්තෙකු T- 56…